
(සුජිත් හේවාජුලිගේ )
ඉඩම් අමාත්‍යවරයාගේ කාර්යාලයේ සිදුවූ ගින්නෙන් භාණ්ඩ විනාශ වීම සම්බන්ධයෙන් හිටපු ඉඩම් අමාත්‍යවරයාගේ අලාභය අයකර ගැනීමට අයකර ගැනීමට නිර්දේශ කර ඇතත් එම අලාභය අයකරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.
අමාත්‍යවරයාගේ කාර්යාලයේ මෙම ගින්න ඇතිවී තිබුණේ 2022 මැයි නවය වැනිදාය.
ඒ අනුව පැවැත්වූ පරීක්ෂණයෙන් පසු මෙම නිර්දේශය කර ඇත්තේ 2023 සැප්තැම්බර් මාසයේදීය මේ අතර අමාත්‍යාංශයේ ඉඩම්වත් පත්කර ගැනීමේ ක්‍රියාවලිය සඳහා වසර ගණනාවක් ගත කිරීම හේතුවෙන් ඉඩම් අත්පත් වන්දි පමණක් ගෙවීම වෙනුවට මෙම කටයුතු ප්‍රමාද වීමෙන් වන්දිලාභීන්ට අමතර පොලී ලෙස විශාල මුදලක් රජයේ මුදලින් ගෙවන බව විගණන නිලධාරින් නිරීක්ෂණය කර ඇත.
මේ තොරතුරු සඳහන් වන්නේ ඉඩම් හා සංචාරක අමාත්‍යාංශයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔච්චර තමයි, අපි දුප්පත්වෙලා තියෙන්නෙ මොකද කියල ආයෙමත් මතක්කරනව. තවම 88/89,උනේ ත්‍රස්තවාදී වැඩක් නොවන බවත් මේවගේ හැමදාම වෙච්ච ඇස්පනාපිට පේන වංචා දූෂණ නාස්ති , අසාධාරණකම් වලට එරෙහිව තරුණ පෙල ගැස්මක් බව නැවත නැවතත් කියනව. ඒකට දීපු දේශපාලන නායකත්වය ගැන විවේචන ඇතත් එදා උනේ විය යුත්තක්.
මේවගේ තක්කඩියන්ට එරෙහිව මේ පාලනය කල දෙපැත්තෙ න්ම වින්දිත අපට සාධාරණයක් ඉටු නොවනු ඇත. අපි අපේ රජයක් පත්කරගමු. ඉදිරි මැතිවරනයේදී.
කෝ මේ අර මැති ඇමැතිලාගෙ සුදු හුනු ගාන සෙට් එක. හැංගිලාද? කටඇරියොත් ජවිපෙ මතක්වන උන්නැහෙල මොකද නිහඩ? තමන්ල පත්කරපු මල්වට්ටිවල හැටි තමයි මේ
ඡන්දෙ දාපු පළවෙනි දස දෙනා මරා දාපු සෙනෙවිරත්නලා ගලේ පහරලා ලෙව කන හැටි බලා ඉන්ට අපුලයි
සෙනවිරත්න හිටපු හා ඉන්න ඇමතියෝ හොරු උන පලියට ජෙප්පෝ උන්ගේ මෙලෙච්ච් පාප කර්ම වලින් නිදහස් වෙන්නේ නැහැ. ජෙප්පෝ සදාකාලික පාපතරයෝ.