
(අංජුල මහික වීරරත්න)
ලියාපදිංචි නොකළ වාහන පැද්ද හිටපු අමාත්‍යවරුන් තිදෙනෙක් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව ජනාධිපති අනුර දිසානායක මහතා බේරුවල ජන රැළියකදී පැවසීය.
මේ වන විටත් ලියාපදිංචි නොකළ වාහන පැද්ද හිටපු අමාත්‍යවරුන් තුන් දෙනෙක් අත්අඩංගුවට පත් වී තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
සියලු දෙනාට එකසේ නීතිය ඉටුවන රාජ්‍යයක් ගොඩනගා තිබෙන බව කී ජනාධිපතිවරයා එහි ප්‍රතිඵලයක් ලෙස මෙවැනි ක්‍රියාමාර්ග ගැනෙන බවද කීය.
" එදා මේ රටේ ධනය තිබෙන අයට එක නීතියකුත් දුප්පත් අයට තව නීතියකුත් තිබුණා.ගමේ කෙනෙක් මෝටර් සයිකලයක් රෙජිස්ටර් කරන්නෙ නැතුව පාරට දාන්නේ නෑ.හැබැයි මේ රටේ ඇමතිවරු වාහන ගේන්න තහනම් කාලෙත් වාහන ගෙනාපු යුගයක් තියෙනවා.ලයිෂන් කරන්නෙ නැතුව වාහන පදිනවා. බොරු අංක තහඩු දාල වාහන පදිනවා.ඒගොල්ලන්ට නීතිය ක්‍රියාත්මක වන්නේ නෑ කියලා ඒගොල්ලෝ හිතනවා.යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.
පළාත් පාලනය මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජය තහවුරු කිරීම සඳහා මෙම ජනරැළිය පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වනවිට රාත්‍රීකාලයේ යතුරු පැදි ත්‍රීවීලර් ඇතුලු බොහෝ වාහනවල පිටුපස ආලෝක ලාම්පු නොමැතිව හා අංක තහඩු නොමැතිව හෝ එම අංක තහඩුවට ආලෝකය නොමැතිව ධාවනය කරන අවස්ථා අනන්තවත් තියෙනවා. මේවා හොරකම් හෝ මංකොල්ලකෑම් හෝ වෙනත් මගඩි සදහා යොදාගෙන තියෙනවාද කියල සොයනවානම් හොදයි
හම්මේ ආයෙමත් . එකම පචේ .දහ පාරක්
මහා විසාල හොරකම් නේද ජනාධිපතිතුමා? ලියාපදිංචි නොකළ වාහන පදින එක? අපේ අල්ලපු ගෙදර එකාත් පදිනවා මදුරුවා බය්සිකලයක් ලියාපදිංචි කරලත් නෑ හෙල්මට් දාන්නෙත් නා, නාකියාට කෙළවෙන්න පෙත්සමක් ගහන්නද? ඒ කොහොම උනත් අර සීනි වංචාව කොටි 15,000යි. පිටරට සල්ලි හංගපු අපනයන ව්‍යාපාරිකයෝ ඩොලර් බිලියන 50ක්, කන්ටේනර් 300 මොනවාද තිබ්බේ? ඒවා හොයන්නේ නැතෙයි?
ඒක රටක් ඒක නිතියක්! Great concept! හැබැයි අත්අඩංගුවට අරගෙන තවත් බදු ගෙවන ජනතාවගේ මුදල් නාස්ති නොකර කරුණාකරල විශාල දඩමුදල් අයකර ගැනිමට හැකි පරිදි නිතී සංශොධනය කරමු! මෙය සිදුවිය යුත්තේ! නැතිව බන්ධනාගාර පුරවන ඒක නෙවි!
එතකොට උන්නැහේ අර පොහොර සංස්ථාවෙන් හොරකම් කරලා අහුවෙලා දැන් ඔයාගේ ඇමති මණ්ඩලේ ඉන්න කෙනා කවද්ද අත් අඩංගුවට ගන්නේ? නියම ජනධිපති කෙනෙක් තමයි අපිට ඉන්නේ මොනිහ දැන් අධිකරණ කටයුතු පිලිබඳ මාධ්‍ය ප්‍රකාශක තනතුර තමයි කරන්නේ.
වැරදි කරුවන් කවුරු වුවද සොයන එක සහ නිසි දඬුවම් දෙන එක නරක නෑ. නමුත් එය ජනාධිපති වරයාගේ කාර්ය හෝ කැන තැන කියව කියවා විතරක් යන දෙයක් නොව්ය යුතුයි.
මෙයා කරපු බම්බුවක් නිසා නෙමෙයි රනිල් සම්මත කරපු දූෂන විරෝධී පනත නිසා වැරදි කරපු අයට දඬුවම් ලැබෙනවා. කයියනායක පුලුවන් නම් කන්ටේනර් 323 වරායෙන් හොරට පන්නපු ඇමතියාව ඇතුලට දාලා පෙන්නන්න.
මෙයා නඩු කාරයෙක්ද..
මෙම වෛරී සිතුවිලි වලින් තුන්වන පන්තියේ ජනතාව පෝෂණය කිරීම සදාකල් කළ නොහැක.
ඔය කියන වාහන එනකොට කානුවලට බැහැල හුරේ කියපු කීපදෙනෙක් මෙතන මේ කතාව විවේචනය කරල වගේ, ඒ අයට කියන්න තියෙන්නෙ ජනාධිපතිට ඒව කියන්න තහනම්ද කියල මොකද රටේ ජනතාවට දීපු පොරොන්දු තමයි ඒව,බහුතරයක් ජනතාව ඡන්දෙ දුන්නෙ ඒ මජර සංස්කෘතිය වෙනස් කරන්න. ඒව ඉටුවෙනවට අපි නම් කැමතියි.
රම්බොඩල කානුවලට බැහැල ඉඩ දීපු වාහන තමයි ඔය, මීට පස්සෙ ඇමතිලගෙ පඩෂෝ වලට කානුවලට බහින්න එපා.
ක්‍රිෂ්ණ ,නඩකාරයන් ඕව කතාකරනවද, රටේ ජනතාවට වෙච්ච පොරොන්දුව ඉටු කිරීම තමයි ඔය
ගිය සැරේ කිව්ව ඒවා වල සර බාල වෙලා නේද, කෙදිරි ගාමින් ඉන්නේ. කෝ කිව්ව උගන්ඩා ඩොලර්, ඩුබායි වල සල්ලි, ඩොලර් බිලියන ගනන් නේද හොරකම් කරලා තියෙනවා කිව්වේ . බීලා චක්‍රවර්තී සම්මානය දෙන්න ඕන කෙනෙක් තමයි .දැන් කෙඳිරි ගගා හොයන්නේ රෙජිස්ටර් කරලා නැතුව පැදපු වාහනලු .උන්ට රැවටුන ගොන් රැලක් හිටියානේ
සදාචාරාත්මකව , ගුණාත්මක බැවින් අඩු ප්‍රකාශ
නියමෙයි. රට බංකොලොත් කරපු ඔක්කොම ටික දාමු, ඇතුලට කාලකන්නි
මේවගේ බාල කතාවලට දැන් ෆෝම් වෙන්නේ දෙන්නයි තුන්දෙනයි... අනිත් ඔක්කොම දැන් දන්නවා මෙයාගේ වැඩ...
බල්ලාගේ වැඩේ බූරුවා කරනවා කියන්නේ මේවට තමයි
මේ බුරම්පියා නඩු කාරයද තීන්දු දෙන්න.
එතකොට ලියාපදිංචි කරපු රජයේ වාහන මහා ගොඩකින්, රජයෙන් පඩි ගෙවන මිලිටරි ජුන්ටාව පිරිවරාගෙන, තමන්ගේ පවුද්ගලික දේශපාලන රැස්වීම්වලට යන කෙබර කුමාරලා අත්අඩංගුවට ගන්නේ කවද්ද ලප කුමාර ?