
(යොහාන් භාසුර)
පාතාලයකුගේ විදෙස් ගමන් තහනම හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ඇතුළත් කළේ යැයි කියන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරිනියගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව වාර්තා වේ.
වෙනත් පුද්ගලයකුගේ විදේශ ගමන් තහනමක් හිටපු අමාත්‍යවරයාගේ නමට යොමුවීම පිළිබඳව පරීක්‍ෂණයක් ආරම්භ කළ බවත් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා අද (12) පස්වරුවේ පැවසීය.
එය පරිගණක දෝෂයක් ද එසේ නැත්නම් ආදාල නිලධාරිනියගේ අතපසුවීමක් ද යන්න වැඩි දුරටත් සොයා නිලධාරිනිය පිළිබඳව ස්ථිර නිගමනයකට එළඹෙන බව ද හර්ෂ ඉලුක්පිටිය මහතා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදකිං
පාතාලයකුගේ විදෙස් ගමන් තහනම හිටපු ඇමති මහින්දානන්ද..... මෙතන වැරදීමක් වෙලා නෑ. හරි. ඔහු තමයි මේ.
සිද්ධිය කෙසේ සිදුවුනත්,කවුරු සිදුකලත් යථාර්තය වෙනස් වෙලා නැහැ. මේ ඇමතියා පට්ටම පට්ට පාතාලයෙක් !!! ඒ නිලධාරිනිය නොදැනුවත්ව හෝ සිදුකර ඇත්තේ සැඟවී තිබු යථාර්ථය මතුපිටට ගෙන ඒමක් පමණයි.ටයි කෝට් දාලා ජැන්ඩියට ඇන්දත්, එහෙමත් නැතිනම් අපේ රටේ දියවන්නාවේ තිබෙන මුසල " පාතාල මන්දිරයේ " සිටින පට්ට මිනීමරු හොරුන් වගේ " කළු වහගෙන " සුදෝ සුදු ඇඳුමෙන් සැරසී සිටියත් " පාතාලයා " පාතලයාමයි !!! කබරයා කබරයාමයි !!!
පුදුම කාර්යක්‍ෂමතාවයක් තියෙන්නේ වැඩ තහනමුත් කරල. මෙය සාමාන්‍ය පුද්ගලයෙකුට වූවානම් මේ ආකාරයට සිදුකරනවාද.
පරිගණක දෝෂයක්ද නැද්ද කියල දන්නේ නැතුවම වැඩ තහනම් කලේ මොකද? මෙයා හිටපු ඇමති නිසාද?
මේ වගේ ගොන්නු ඊළඟ චන්දෙදී නම් බලයට පත් කරන්න එපා.කාලකන්නි
ඒ නිලධාරිනිය නිවැරදිනෙ ඉතින්.
තවත් වර්ජනයකට අත වනනව. මෝඩ ඇමතිලාට වඩා රාජ්‍ය සේවය වැදගත්.....
නිලධාරිනියට විතරක් නීම්යි දැන් රටේ බහුතරයකට මෙයාව පේන්න බෑ ඇත්ත ඒකයි.
නිලධාරීන් හරි මම හිතෙන්නේ .
ඕවා ඉතින් තමුන්නැහැලා කරනකොට හොදයි තමුන්ට වෙනකොට නරකයි නේද උන්නැහේ රජයේ සේවයේ උසස්වීම් විභාග ලියල විපක්ෂයේ එකෙක් ඉහළම ලකුණු ලැබුනම ඒවා හිතවතුන්ට මාරුකර උන්ට උසස්වීම් දුන්නු හැටි අමතක නැහැ කියලා හිතෙනවා එහෙම අසාධාරණයක් වෙච්චි එකෙක් හැටියට මම කිව්වෙ ඕවාට නිළධාරින් පුහුණු කලේ 94 පත්වූ නුඹලාගෙ ආණ්ඩුව තමයි
මෙයත් පාතාලයෙක් තමයි
මෙය ඉතාමත් දූෂිත සහ අයථා කළමනාකරණයට ලක් වූ දෙපාර්තමේන්තුවකි. අමාරුවෙන් විදේශ රැකියා ලබා ගත් බොහෝ මගීන් පිටත්වන ස්ථානයේදී ගොදුරු වේ. කවුන්ටරවල නිලධාරීන් හිතාගන්නවත් බැරි තරම් අල්ලස් ඉල්ලනවා. මෙම කොල්ලකෑම්වල කොටස් ප්‍රධාන කාර්යාලයේ "ජනරාල්" දක්වා සූත්‍රයකට අනුව බෙදා දුන් බවට ජනතාව චෝදනා කළහ.
නිල නොවන තාලය?
ඉතින් මෙයත් පාතාලයෙක් නෙ.
ඔහොම අතපසු වීම් වෙනවා නම් ,ඔය වගේ රැකියාවකට කොහොමත් ගැලපෙන්නෙ නෑ.
හරි නම් මෙයා ඇතුලේ ඉන්න ඕනෑ කෙනෙක්. එතැනත් වැරැදීමක් වෙලා මම හිතන්නේ...
ඒ නිලධාරීන්ට ප්‍රමෝෂන් එකක් දිය යුතුයි. මහින්දානන්ද වගේ හොර දේශපාලුවන්ව රටින් පිට අරින්න නෙවේ පෝරකයට අරින්න ඕනේ...
මහින්දානන්දයා කියපු කරපු දේවල්වවල හැටියට හරිනම් හිරේ ඉන්ඩ ඕන හොර දූෂිතයෙක්? නිලදාරීනිගේ වැඩ තහනම් කෙරුවම හරිද.
ජාත්‍යන්තර කාන්තා දින අභිමානය?
රටට බරක් වෙලා කිසිම දෙයක් නොකල මේ වගෙ අයට විදෙස් නෙවෙයි ගෙවල් වලින් එලියට එන්න තියන්න හොද නෑ. අර මනුස්සයාගේ වැඩත් තහනම් කරලා....මුං ජනතා සේවකයෝද.....අනේ මන්දා ඉතින් කියන්න දේවල් ලීවත් වැඩක් නෑ ඔනී උන් කියවන්නෙ නෑනේ.
අරගලය කාලෙ ගුවන් තොටුපළේ ගෝඨාභය නවත්වන්නේ කවුද? මේ ආගමන නිලධාරීන් දැන් ගෙදර යවනවා