
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මුස්ලිම් කොංග්‍රසයේ හිටපු (නැසිගිය) ඇමතිවරයකු වන නුර්දින් මෂූර් මහතාට අයත් පුත්තලම නාගවිල්ලව ප්‍ර ෙද්ශයේ සුවිසල් නිවසට ඇතුළු වි රුපියල් ලක්ෂ 160 ට අධික රන්,මුදල් හා අනිකුත් දෑ සොරා ගෙන ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය අද (3) පැවසිය.
නුර්දින් මසුර් මහතා වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා ජනප්‍රිය දේශපාලඥයකු ද විය. ඔහු හදිසි හෘදයාබාධයක් හේතුවෙන් වසර 10 කට පමණ පෙර මරණයට පත්වී තිබේ.
හිටපු ඇමතිවරයා ව්‍යාපාරිකයකු වු අතර ඔහුට හිමි ව්‍යාපාර රැසක් මෙරට හා විදේශයෙහි තිබු බව පොලිසිය කියයි.
ඇමතිවරයාගේ මරණින් පසු ඔහුගේ බිරිය අදාල නිවසේ රැදි සිටි අතර එම නිවසට ඇය දින කිපවක් නොමැති අවස්ථාවකදි මෙම සොර කණ්ඩායම කඩා වැදි එහි තිබු රන් හා මුදල් සොරා ගෙන ඇති බව කියයි.
එසේම අදාල රන් හා අනිකුත් භාණ්ඩවලට අමතරව නිවසේ තිබූ රුපියල් තුන් ලක්ෂ හැට දහසක මුදලක් ද මෙහිදී සොරා ගෙන ඇති අතර එම මුදල් තැන්පත් කර තිබු රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා සේප්පුව කඩා දැමීමට උත්සාහ කිරීම හේතුවෙන් එයට දැඩි අලාහානි සිදු වී ඇති බව ද පොලිසිය සඳහන් කරයි.
නාගාගවිල්ලුව ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 22 ත් 30 ක් අතර තරුණයන් දස දෙනෙකු පමණ මෙම සොරකමට සම්බන්ධ බවට හඳුනාගෙන ඇති අතර ඔවුන් මේ වෙනවිට ප්‍ර දේශයෙන් පලාගොස් ඇති බව ද විමර්ශන කටයුතු වලදී හෙළි වී තිබේ.
කෙසේ වෙතත් පෞද්ගලික තොරතුරුකරුවන්ගෙන් ලැබූ තොරතුරු මත සොරාගත් භාණ්ඩවලින් කොටසක් පොලිසිය විසින් සොයා ගෙන ඇති බව සඳහන් වේ.
මෙම සැකකරුවන් කීපදෙනෙක් මත්ද්ර ව්යඇවලට ඇබ්බැහි වූවන් බවද ප්‍ර දේශවාසීහු කියති.
2025 දෙසැම්බර් මස 18
544
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1071
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු ඇමැතිගේ නිවෙසට පැන ලක්ෂ 160 ක රන්-මුදල් උස්සලා