
(උපාලි රණවීර)
කිරිබත්ගොඩ නගරයේ රජයේ ඉඩමකට කූටලේඛන සැකසීමේ චෝදනාව මත සැකපිට අත්අඩංගුවට ගෙන මාස පහකට අධික කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර හා සරත්කුමාර එදිරිසිංහට ලක්ෂ පහක මුදල් හා ලක්ෂ පහ බැගින් වූ ශරීරය ඇප පහක් මත මුදාහරින්නැයි ගම්පහ මහාධිකරණය අංක දෙක විනිසුරු නයනා සෙනවිරත්න මහත්මිය අද 30දා නියෝග කළාය.
විදේශ ගමන් තහනමක් පැනවූ විනිසුරුවරිය ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර තිබේ නම් අධිකරණයට බාර දෙන ලෙසද නියෝග කළාය.
විදේශ ගමන් බලපත්‍ර නොමැති නම් ඒ පිළිබඳව දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද චූදිතයන්ට නියෝග කළ විනිසුරුවරිය ඔවුන්ට අලුතින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් නොකරන ලෙසද ආගමන විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙසද නියෝග කළාය.
ඇප ලබා ගැනීමෙන් අනතුරුව සෑම ඉරිදා දිනකම පෙරවරුවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන අංශයට වාර්තා කරන ලෙසද විනිසුරුවරිය සැකකරුවන්ට නියෝග කළාය.
2025 දෙසැම්බර් මස 04
754
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
568
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හිටපු ඇමැති ප්‍රසන්නට ඇප
Neel Tuesday, 30 September 2025 05:10 PM
දැන්වත් නරක යාලුවො ඇසුරු කරන්නට එපා..
ravin Tuesday, 30 September 2025 06:05 PM
යාන්තම් ඇති වාඩියක් පෙරවාගන්න පුළුවන්...
නිහාල් Wednesday, 01 October 2025 10:04 AM
මූ මෙච්චර කල් ඇතුලේ ද ඉඳලා තියෙන්නේ