(එස්.යූ.ඩබ්ලිව්.කේ ජයවර්ධන සහ ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිර්මාතෘ සහ හිටපු අග්‍රාමාත්‍ය දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 63 වන ගුණානුස්මරණ දිනය අදට (26) යෙදී තිබූ අතර, ඒ නිමිත්තෙන් සංවිධානය කළ ප්‍රධාන සැමරුම් උත්සවය හොරගොල්ල, බණ්ඩාරනායක සමාධිය අභියස දී පැවැත්විණි.
මෙම උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, බණ්ඩාරනායක මහතාගේ දියණිවරුන් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මීන් ඇතුළු පවුලේ සාමාජිකයන්, මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
මෙම උත්සවය චාම් සහ අභිමානවත් අයුරින් සංවිධානය කර තිබූ අතර, දිවංගත අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ 22 වන ගුණ සමරුව සහ දිවංගත අමාත්‍ය අනුර බණ්ඩාරනායක මහතාගේ 14 වන ගුණ සැමරුම ද මෙහිදී සිදුකෙරිණි.
මෙහි ප්‍රධාන අනුශාසනය නියංගොඩ විජිතසිරි මල්වතු පාර්ශවයේ අනු නා හිමියෝ පැවැත්වූහ.
වේයන්ගොඩ දඩගමුව රාජමහා විහාරාධිපති මැටිකොටමුල්ලේ ප්‍රේමරතන හිමියන් පිරිස පංචශීලයෙහි පිහිටවූ අතර, බණ්ඩාරනායක මහතාට, මැතිනියට සහ අනුර බණ්ඩාරනායක මහතාට පිං පමුණුවමින් ආගමික වතාවත් මෙහෙයවනු ලැබුබේ සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති, මහාචාර්ය කඹුරුගමුවේ වජිර නා හිමියන් විසිනි. නිට්ටඹුව සංඝබෝධි ජාතික පාසලේ සිසු සිසුවියෝ බණ්ඩාරනායක සමරු ගීතය ගායනා කළහ.
හිටපු කතානායක කරු ජයසූරිය, අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක, කුමාර වෙල්ගම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පණ්ඩු බණ්ඩාරනායක, ජීවන් කුමාරතුංග, ෆීලික්ස් පෙරේරා යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු.. පංච මහා බලවේගත් එකතුවෙලා ගුණ සමරයිද? සමරන්න තරම් කරපු යමක් ඇත්ද?
ඔය කවුරුවත්ම විජය රජතුමා, දුටුගැමුණු රජතුමා, පරාක්‍රමබාහු රජතුමා එහෙම සමරන්න හීනෙකින්වත් හිතන්නේ නැහැනේ...? ඒ වුණාට එංගලන්තයේ මහරජ්ජුරුවන් බැහැ දකින්න නම් පැනගෙන යනවා.