IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


හිටපු අගමැති නවාස් ෆරීෆ්ට ඇප

 

හිටපු පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ට එල්ල වී ඇති දූෂණ චෝදනා දෙකක් සම්බන්ධයෙන් ඉස්ලාමාබාද් අධිකරණයක් ඔහුට ඇප ලබා දුන්නේය.

ඇප ලබා දීමට අධිකරණය තීරණය කළේ, චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගය පැවැත්වෙද්දී, හිටපු අග්‍රාමාත්‍යවරයා අධිකරණයේ පෙනී සිටීවි යැයි විශ්වාසය පළ කරමිණි.

73 හැවිරිදි නවාස් ෂරීෆ් තෙවරක් පාකිස්තාන අග්‍රාමාත්‍ය ධුරය හොබවා ඇත. ඔහුට ධුරය අහිමි වූයේ 2017 වසරේ මහ මැතිවරණයෙන් පරාජය වීමෙන් පසුවය. එම මැතිවරණයෙන් ජයග්‍රහණය කළේ වූයේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ නායක ඉම්රාන් ඛාන්ය.

පාකිස්තානයෙන් පිටවී වසර 4 ක්ලන්ඩන් නුවර ජීවත් වුණු නවාස් ෂරීෆ් පසුගිය සති අන්තයේ යළි පාකිස්තානයට පැමිණියේය. ඒ, පෞද්ගලික ගුවන් යානයකිනි. පාකිස්තාන මහ මැතිවරණය ලබන වසරේ ජනවාරියේ පැවැත්වීමට නියමිතය. නවාස් ෂරීෆ් ඊට සහභාගී වීමට නියමිතය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

හිටපු අගමැති නවාස් ෆරීෆ්ට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 140 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 88 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1680 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site