කොළඹ හෝටන් පෙදෙස නාමය පොන්නම්බලම් අරුනාචලම් මාවත ලෙස නැවත නම් කිරීමට කොළඹ මහ නගර සභාව කර ඇති යෝජනාව සම්බන්ධයෙන් එහි පදිංචිකරුවන් දැඩි විරෝධයක් එල්ල කර ඇතැයි පැවැසෙයි.
හෝටන් පෙදෙස නාමය පොන්නම්බලම් අරුනාචලම් මාවත ලෙස නැවත නම් කිරීමට විරෝධතාවයක් ඇතොත් ඉදිරිපත් කරන ලෙස පවසමින් කොළඹ මහ නගර සභාව විසින් එහි පදිංචිකරුවන් වෙත දැනුම්දීමක් කර ඇතැයි කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකු වූ ඔමාර් කමිල් මහතා ප්‍රකාශ කළේය.
හෝටන් පෙදෙස නාමය පොන්නම්බලම් අරුනාචලම් මාවත ලෙස නැවත නම් කිරීමට කොළඹ මහ නගර සභාව යෝජනාවක් සම්මත කර ඇතැයි එම දැනුම් දීමේ සඳහන් වන බව කමිල් මහතා පෙන්වා දුන්නේය.
නමුත් කොළඹ මහ නගර සභාව වසරක කාලයක සිට ක්‍රියාත්මක තත්වයේ නොපවතින මොහොතක මෙවැනි යෝජනාවක් සම්මත කළේ කෙසේදැයි කෙනෙකුට ප්‍රශ්නයක් මතුවනු ඇතැයි කමිල් මහතා ප්‍රකාශ කළේය.
කොළඹ මහ නගර සභාව ක්‍රියාත්මකව පැවැති අවස්ථාවේ මෙවැනි යෝජනාවක් ඉදිරිපත් නොවූ බව එහි හිටපු සාමාජිකාවක වන ෂර්මිලා ගෝනවල මහත්මිය පැවැසුවාය.
මෙලෙස නාමය වෙනස් කිරීම නවත්වන ලෙස දුරකතන ඇමැතුම් බොහොමයක් එම පෙදෙසේ වාසය කරන කාන්තාවන්ගෙන් තමාට ලැබුණු බවද ඇය ප්‍රකාශ කළාය.එලෙස නාමය වෙනස් කිරීමක් සිදුවුවහොත් තමන් සතු ඇතැම් ලියකියවිලිද වෙනස් කිරීමට සිදුවන බව එම කාන්තාවන් ප්‍රකාශ කළ බව ගෝනවල මහත්මිය පෙන්වා දුන්නාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නගර සභාවට ඇති ලොකුම ප්‍රශ්ණය පාරවල්වල තියෙන නම්ද ? අනිත් ප්‍රශ්ණ ඔක්කොම විසදිලාද? නගර සභාවේ නාගරික ප්‍රශ්ණ විසදන්නෙ නැතිව නිකම් බොරු ප්‍රශ්ණ විසදන්න යනවා.
දෙමළ චන්ද ටිකට කෙළ හලන මහ බැංකු හොරා ආයෙත් ජාතිවාදය ක් අවුස්සන්නද මංදා හදන්නේ
රනිල් නොදැන කරන දෙයක් වෙන්න ඕනා මේක, රනිල් දැන් ගත්ත ගමන් ඕක නවත්වමි. තමන්ගේ හාම්පුතුන්ගේ නම් මකන්න දෙයිද මිනිහා.
පොන්නම්බලම් අරුනාචලම් නම ගැන නොදන්නා අය විරුද්ධ වේවි
දියුණු ශිෂ්ඨ සම්පන්න කිසිම රටක එක එක්කෙනානේ නම් වලින් පාරවල් නැහැ. ඒකටත් එක්ක ලංකාවේ නළු නිළියන්ගේ, දේශපාලුවන්ගේ, නම් වලින් පාරවල්...? ලන්කාවේ තියෙන ලොකුම ප්‍රශ්නය මේක වෙන්ඩැති...