IMG-LOGO

හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ අහඹු පරීක්ෂණවලින් 106කට කොරෝනා


(සුදත් එච්. එම්. හේවා)

හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ කලුගල මාර්ග බාධකයේ සිදු කරන අහඹු පී. සී. ආර්. පරීක්ෂනවලදි කොවිඩ් ආසාදිතයන් 106 දෙනකු හමුවී ඇති බව අඹගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. කාමදේවන් මහතා පවසයි.
 
කාමදේවන් මහතා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයට පිටස්තර ප්‍රදේශවල සිට පැමිනෙන එක් ප්‍රධාන මාර්ගයක් වන හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කලුගල මාර්ග බාධකයේදි මාසයකට අධික කාලයකදි පුද්ගලයන් 1825 දෙනකු  අහඹු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරීමට පියවර ගත් බවත්ය.
 
එසේ කරන ලද අහඹු පි. සි. ආර්. පරික්ෂාවලදි කොවිඩ් ආසාදිතයන් 106 දෙනකු හදුනා ගෙන ඇති බවත් එම ආසාදිතයන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පියවර ගත් බවද ඔහු කීය.
 
එසේ හමුවු කොවිඩ් ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ බවත් තවත් පිරිසක් මස්කෙළිය, කොටගල, නාවලපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද කාමදේවන් මහතා පැවසීය.



අදහස් (1)

හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ අහඹු පරීක්ෂණවලින් 106කට කොරෝනා

පිටිගල මිලානෝ Sunday, 17 January 2021 06:54 AM

කොරෝනා සමාජගත වී නැහැ. යුද්ධය දිනපු අපිට කොරෝනා ප්‍රශ්නයක් නෙවෙයි. යුක්‍රේනයෙන් සංචාරකයන් ගේන්නේ කෝවිඩ් බෝ වෙන හැටි බලන්න. එන්නත එවන්න කියලා මම චීනෙට ලියුමක් තැපල් කළා. ඇස්ට්‍රා-ඔක්ස්ෆර්ඩ් එන්නත අපි පෙබරවාරි වල පටන් ගන්නවා. අනුරාධපුරේ නානා අක්කේ ඔයා මොනවද මේ කරන්නේ?...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 335 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 509 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 205 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site