(හැටන් රංජිත් රාජපක්ෂ)
ජාතික මහ සභාවේ හැටන් කලාපයේ පළමු කාන්තා සම්මේලනය අමාත්‍යය සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (13) හැටන් ඩි.කේ.ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේදි පැවැත්විය.
ඩී.කේ.ඩබ්ලිව් සංස්කෘතික ශාලාව වෙත පැමිණි ජලනි ප්‍රේමදාස මහත්මියව වතුකරයේ තරුණියන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
මෙම සමුළුවේදි වතු ක්ෂේත්රයේ කාන්තාවන්ගේ ජීවන තත්වය, ආදායම් තත්වය, වතු කම්කරුවන්ගේ පෝෂණ තත්වය සහ අධ්‍යාපන තත්වය පිළිබඳව විග්රහ කෙරිණි.
ජාතික මහ සභාවේ දි අදහස් දැක් වු ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා කියාසිටියේ ඉදිරියේදි පැවැත්වෙන ජනාධිපතිවරණය තිරාණාත්මක ජනාධිපතිවරණයක් බවත්, එම මැතිවරණයේදි රාජපක්ෂ පවුල කර ගහගෙන යාමට මේ රටේ ජනතාව කිසිසේත් කටයුතු නොකරන බවයි.
සාම්ප්‍රදායික දේශාපලන පක්ෂවල නායකයින්ගෙන් මිදී පොදු ජනතාවගේ දුක හඳුනන, පොදු ජනතාව ඉල්ලන පොදු ජන නායකයෙකු මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත් කළ යුතු බව චමීර පෙරේරා මහතා කියා සිටියේය.
ජාතික මහ සභාවේ කාන්තා සම්මේලනයේදි අදහස් දැක් වු ජලනි ප්‍රේමදාස මහත්මිය කියා සිටියේ මේ රටේ සමස්ත පොදු ජනතාව වෙනුවෙන් කටයුතු කරන අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වශයෙන් එතුමාගේ දර්ශනය මත ගමන් කරමින් තමන්ද මේ රටේ පොදු ජනතාවට කැපවී වැඩ කිරීමට කටයුතු කරන බවයි.
සම්මේලනයේදි වතු කම්කරු කාන්තාවන් ඉදිරිපත් කළ ගැටළු සම්බන්ධයෙන් හැකිතාක් දුරට කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරන බවය ජලනි ප්‍රේමදාස මහත්මිය කියා සිටියාය.
ජාතික මහ සභාවේ පළමු කාන්තා සම්මේලනයට වතුකරය නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කව්ද අප්පේ මේ? හතු පිපෙන කාලේ ඇවිත් වගේ...
පොඩ්ඩක් ඉන්න... රාජපක්ෂලාගේ පවුල් වාදය, මල්ලිලා, අයියලා, පුතාලා. අවිවාදයෙන් හැමෝම පිළිගන්නවා. එතකොට ප්‍රේමදාසලාගේ...? තාත්තා,පුතා, ලේලිය... ඒකට කියන්නේ?
කහ පාට ඇඳගෙන කියන කොළ කතා...
ඉතින් අපිට මොකෝ. ඊළඟට එන එජාප ජනාධිපති අපේක්ෂකයාගේ ඡන්ද ටික කැඩුවාම අපිට ඇති...
මොකද ගැහැණු දෙන්නෙක් කසාද බන්දනවා වගේ පෙනෙන්නේ...
අර රතු ෂර්ට් කාරයා යූ ටියුබ් එකේ අපෙන් බැනුම් අහන ලිට්රෝ ගෑස් එකෙන් පඩි ගන්න අඟර දඟර හිමිගේ ගෝලයා නේද?
වතු දෙමලුන්ගේ ජීවන තත්වය මේ මාස 6න් නගා සිටුවන්න තමයි ඇවිත් ඉන්නේ. එතකොට තොණ්ඩු මෑන්ලාට බැරි වුණු දේ මෙයා මාස 6න් කරන්න යනවා. සිංහල 62 ගොනාට අැන්දුවාට මොවුන්ව අන්දන්න බැහැ හලෝ.
නිදි මරලා, මහන්සිවෙලා, ඇස් ගිල්වගෙන පුලුවන්ද බන් මේ වාහනේ එලවන්න.
දළු කඩන්න ගෙනාපු ඉන්දියන් කාන්තාවන්ට ඕනෑවට වඩා උදව් කරන්න ගිහින් තේ කර්මාන්තයම කාලා තියෙන්නේ. තව නිධන් හොරාගේ අය ගැනත් විකාර කරන්න හදනවා.
මගේ සිහිනය මට දකින්න ඉඩහරින්න.. මීට ජලනි ...
අම්මද බෝල මෙය දැන්මම ආර්යාව වෙලා. අන්න අරහේ නවින් දිසානායකව ජනාධිපති තරඟෙට ඉදිරිපත් කරවල දිනවන්න මල්පහන් පුද පුජා පවත්වනවා . කෝ ලොකු ආර්යාව අවේ නැතිද මිටිමට?
සජිත්ගේ බිරිඳ නැතිව ආර්යාව කියලා කියන්න.
සජිත්ට වඩා පළපුරුදු අය එජාපයේ වගේම අනිත් සියලු පක්ෂවලත් රටේ බුද්ධිමතුන් අතරත් ඉන්න බව නොදැන, තමාට විතරයි පුළුවන් කියල හිතල, තමා ගැන තමන්ම වර්ණනා කරගනිමින්, බල තණ්හාව නමැති මෝහන්ධකාරයෙන් වේලි, තමනට අවස්ථාව දෙනකන් නොඉද, පක්ෂේ මතයට විරුද්ධ අදහස් දක්වමින් පෝලිම පනින්න හදන මෝඩයින් රටේ නායකයා කිරීමට තරම් මෝඩ බහුතරයක් අද මේ රටේ නැත. මොහු මේ පිස්සු කෙලින්නේ කියලවත් බල තණ්හාව හැදුනු ඔහුට නොවැටහුනාට බලා ඉන්න බහුතරයට වැටහෙන බව දතයුතුය. මොහු බලය නැති බව නොදැන බලය පෙන්වන්න යන මෛත්‍රීට හපන් වනු ඇත.
එක පවුලක් එපා තියගා තව පවුලක් ඕනේ කියන්න වෙලා තියෙන්නේ....
අනාගත ජනපති අපේක්ෂකලු ඒ උනාට කවම දාකවත් රූපවාහිනී සංවාදයකට එන්නේ නැහැ..... පාලුගෙයි වලං බිඳිනවා වගේ පොර ටෝක් දෙනවා මිසක, තවම යූඇන්පී එකෙන් ජනපති අපේක්ශකයෙක් නම් කරලත් නැතුව මෙයාගේ නෝනා ආර්යාවක් වෙන්න හදනවා..
ඔන්න මහජනතාවනි තියන පටි තවත් තදකරගනිල්ල , පේනවා නේද එසේ මෙසේ අය නෙවේ අපට ඉස්සරහට බදු සල්ලි වලින් නඩත්තු කරන්න වෙන්නේ මොකද අවුරුදු ගණනක් වේලි වේලි හිටියේ දැන් ඡන්දෙන් පස්සේ දිණුවම බලන්න පුළුවන් කන කෑම ..දැන්මම සටනට බැහැල ...වතුකරේ ඉදන්ම සුද්දකරන්න යන්නේ බදු ගෙවන මි හරක් වන අපට ජයවේවා ...
බොලේ මේ මොකක්ද ? මේ අලුත් නාටකේ...
එයත් පොටකට එන්න වගේ. මහජන මුදල් හිතේ හැටියට වියදම් කළහැකි.
මෙදා පාරත් අපට රූපවාහිනියෙන් ආර්යාව සින්දු කියනවා බලන්න ලැබෙයි වගේ.
අපි ප්‍රේමදාස මහත්තයාට ආදරෙයි. අදටත් ඉදලා හිටලා ෆොටෝ එකට හදුන්කූරක් ගහනවා. සජිත් මහත්තයා ටිකක් නොවෙයි හොදටෝම හදිස්සි වෙලා ආපහු නොනැගිටින්න වැටෙන්නයි හදන්නේ. රටේ රැල්ල හමන්නේ වෙන අතකට. රනිල්ගේ කපටිකම සජිත්ගේ දුර්වලකම දෙකම හේතුවෙන් සජිත්ගේ දේශපාලන අනාගතයම බිලිදෙන්නයි හදන්නේ. ඉතිහාසයේ සුද්දෝ කොල්ල කාපු උඩරට අපේ ඉඩම් වල තේ වවලා ඉන්දියාවෙන් දෙමල කම්කරුවන් ගෙන්වලා පදිංචි කරලා කරපු හානියට තවත් ඌන පූරණ තියන්න හදන මේ වගේ මොට්ට වැඩ කරන සජිත් ගැන අපිටත් කිසිම විශ්වාසයක් නම් නැහැ. අපි අවරුදු 400ක් අපේ මුතුන් මිත්තන්ගේ උරුමය මිනියක් වලදාගන්න පර්චස් එකක් ඉල්ලුවාම නොදුන් පාලකයන් දැන් දෙමළ කම්කරුවන්ට සින්නක්කර ඉඩම් ලියලා දෙන්න හදිස්සි වෙලා ඡන්දය බලාගෙන. මේ අවනඩුව උඩරට උරුමයක් ඇති අපි ඉවසන්නේ නැහැ. අපි ප්‍රේමදාස මහත්තයාට ආදරෙයි. ඒත් අපිට දුකයි දේශපාලන විඥ්ඥාණයක් නැති, එන්න එන්න මුවහත් වෙනවා වෙනුවට මොට්ට වෙන සජිත් ගැන...
මමයි ඊළඟ අර්ර්යව. මදැයි පත් වෙන්නත් කලින් අර්යාවෙනි බලන්නේ.
මෙතුමිය ගේ මහතය ජනාදිපති වෙන්නත් කලින් ආර්යාව වෙලා සජිත් මහතයටත් දෙවි පිහිටයි..............
මේ කතාවේ මුල ටික යූ ටියුබ් එකේ තියෙනවා ..හොයලා බලන්න .මෙයා කියන්නේ ඊලඟ ජනාධිපති ආර්යාව මේයා කියලා .ස්වාමියා ජනාධිපති වෙලා තමන් ආර්යාව වුන ගමන් මෙයාලගේ ප්‍රශ්න විසඳනවලු. යන විදිහට ඔක්කොටම හපන් වෙයි වගේ මෙයා
ආර්යාවක් කියා තමන්වම හදුන්වා ගැනීම කොපමණ වටිනවද
සෙනග කොළඹින් ගෙනිහිල්ලා වගෙයි. අඟර දඟර හිමියා කොහෙද? හිමියා පාරේ යන්න බයයි වගේ? තාර ගෑවොත්?
ලංකාවේ මිනිසුන්ගේ ජනජිවිතයෙන් සහ ඔවුන්ගේ මානසිකත්වයෙන් දේශපාලනය කියන එක අයින් කරන වැඩ පිළිවෙලක් තිබුනොත් හොඳයි. මිනිසුන්ගේ ජනජීවිතය සඳහා කියක් හරි හන්බ කරගෙන කොහොමද ජිවත්වෙන්නේ.. කොහොමද විනෝද වෙන්නේ.. කියල හිතන්න පුළුවන් සමාජ ක්‍රමයක් තිබුනොත් හොඳයි. දේශපාලනයට සම්බන්ද පුද්ගලනේගේ භාර්යාවන් මුලසුනට ආවම, පොදු මහජනතාවට හොඳ පුර්වාදර්ශයක් කියා මා හිතනෙනේ නැහැ. මේ විදියේ වැඩ වුනාම මිනිස්සු හිතන්නේ හැමදෙකටම දේශපලනය අවශ්‍යයි කියල. ඒහෙම වුනමා තම පාස්කු ප්‍රහාරය වගේ සමාජීය ව්‍යසනයන් වල වගකීම ගන්න කවුරුත් නැත්තේ. නිලධාරීන් දේශපාලකයන්ට වගකීම පටවනවා. දේශපාලකයෝ නිලධාරීන්ට වැරදි පටවනවා. අන්තිමේදී වගකීම් ගන්න කවුරුත් නැහැ. හැමදේටම වගකියන්න ඕනේ රට වැසියෝ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී මහා මෝඩ ජනරජය.
මෙතුමියගේ නැන්දම්මටත් තිබ්බා.. ඔය අාර්යාව ඇඟට ගහලද කොහේද?
, “මා ඔබ අමතන්නේ ඔබ ආදරය කරන ඔබේ අනාගත නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ 'ආර්යාව' හැටියටයි..." හැටන් ඩී. කේ. ඩබ්ලිව්. සංස්කෘතික ශාලාවේදී 13 වන දින පැවැති කාන්තා සම්මේලනයක් අමතමින් නිවාස ඇමති සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනී ප්‍රේමදාස තමා විසින්ම තමන් හඳුන්වා දුන්නේ එසේය. ඇය එහි ප්‍රධාන ආරාධිත අමුත්තිය වූවාය. ජලනී ප්‍රේමදාස දැන්ම 'ආර්යාව' වී හමාරය. අඩුවකට ඇත්තේ සජිත් ප්‍රේමදාස තවමත් ජනාධිපති අපේක්ෂකයා හෝ නොවීමය. යම් හෙයකින් එසේ වූ කල්හී මේ 'ආර්යාව' කොතැන නවතීදැයි අපට සිතා ගැනීම පවා අපහසුය. තවම ජනපතිකම නැතත් නෝනා ආර්යාවක් වීම ගැන සජිත් නම් අමන්දානන්දයට පත්ව ඇතයි සිතමු. කෙසේ වෙතත් නෝනාගේ කථාවෙන් කරුණු තුනක් ගම්‍ය වන බව අප පසක්කර සිටිමු. ඒ උද්දච්චකම, මෝඩකම සහ හීනමානයයි.
හප්පද බොල මෙයාගේ කතාව මේ කොළඹදී ඔය කතාව කිව්වනම් ගහල එලවනවා දුප්පත් මිනිස්සු ඕනෑම දෙයක් පිලිගන්නවා අරව දෙන්නම් මෙව්වා දෙන්නම් කිව්වහම
අපට නැත ඉරිසියාවක් පුදුමය මෙහෙව් ආර්යාවක් ප්‍රංශයේ දහසය වන, ලුවී රජුගේ බිසව මාරි ඇන්ටනොව් සිහි කර ගැනීම වැදගත්, රටේ නායක කම තවම ලැබිලා නැත වැසියා ද සතුටින් නැත, නැත පෙනෙන මානයේ විසදුමක් එහෙව් රට වැස්සන්ට නුඹත් බිසවක් ලෙස පිළිගන්නද කියන්නේ. බලව් රට වැසියනි! නුඹලාට ඒ බර ඇදිය හැකිදැයි කියා සිටිය පිලිපීන ජනපති, බිරිය "ඉමෙල්ඩා මාක්‍රොස්", කෙනෙක් නොවුනොත් පුදුමය අපට ඕනෑ කරන්නේ නම් හුවාගත් බිසවක් ඇති පාලකයෙක් නොව සියලු කතුන් බිසවුන් කළ හැකි, පිරුණු කළයක් බදු, රට නැගිය හැකි පැණැති පාලකයෙක් මිස, හිස් කළයක් බදු, පුගුලන් නොවේ!