(යොහාන් භාසුර)
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (21) දිනයේ ද පැය 3 ක් විදුලි කප්පාදුවට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (20) පස්වරුවේ පැවසීය.
ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දිවා කාලයේ පැයයි මිනිත්තු 40 ක් ද, රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක් ද, ලෙස විදුලිය කප්පාදු කරන බවත් රත්නායක මහතා කීය.
කොළඹ නගර ද අයත් ‘සීසී’ කාණ්ඩයට පෙරවරු 6.00 සිට පෙරවරු 8.30 දක්වා පැය 2 යි විනාඩි 30 ක් ද, එම්,එන්,ඕ,එක්ස්,වයි සහ ඉසෙඩ් යන කළාපවලට අළුයම 5.00 සිට පෙරවරු 8.00 දක්වා පැය 3 ක් ද, විදුලි කප්පාදු කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා වැඩ දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සභාපතිතුමා අද (20) අපිට ඔබතුමා නියම කරලා තිබුණු වේලාවන් දෙකෙම කැපුවා.. එයට අමතරව සවස පැය කාලක් පමණත්, රාත්‍රියේ පැය කාලක් පමණත් විදුලිය විසංධි වුණා මෙතෙක් එහෙම තිබුණේ නැහැ.. මොකද එහෙම වෙන්නේ?
ඕක කියන්නද ඕච්චර ලොකු පඩියක් දීලා... අච්චර ලොකු ගාණක් දීලා බෙන්ස් කාර් එකක් කුලියට අරන් දීලා තියෙන්නේ..!