(යොහාන් භාසුර)
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (30) සමස්ත ශ්‍රී ලංකාවට පැය 10 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (29) පස්වරු පැවසීය.
‘ඒ’ සිට ‘ඉසෙඩ්’ දක්වා කලාප 26 ටම පළමු වරට පැය 10 ක් විදුලිය කප්පාදු කිරීම මෙහිදී කැපී පෙනේ.
‘ඒ’ සිට ‘එස්’ කලාප 20 ට පෙරවරු 8.00 සිට මධ්‍යම රාත්‍රී දක්වා කාලය තුළ පැය 10 ක් ද, එම්, එන්, ඕ, එක්ස්, වයි සහ ඉසෙඩ් යන කළාප හයට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා අඛණ්ඩව පැය 10 ක් ද, විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් රටේ පාලනයක් නැති වග පැහැදිලියි. ජලාශවල මීට පෙරත් මෙවැනි තත්ත්ව ඇති වුණා. නමුත් ජනතාවට මේ තරම් අපහසුතාවක් දැණුනේ නෑ. හිතුමතේටනේ දැන් වැඩ...
රටේ බොහෝ දෙනෙක් ඉන්නවා සූර්ය පැනල හරහා විදුලිය ලබාගන්න බලාගෙන. ඒකට විදුලිබල මණ්ඩලයේ අනුමැතය ගන්න ඕනෑ. ඒක වෙන්නෙම නෑ. එතන තියෙන්නේ නීතියක්ද නැත්නම් තක්කඩි කමක්ද දන්නේ නෑ...? පාලකයින් මේවා ගැන හොයන්නේ නැත්තේ ඇයි?
කරුණාකරලා ලයිට් කැපිල්ල රෑ 12 සිට උදේ 5 දක්වා කරන්න.. ගහෙන් වැටුණු ජනතාවට ගොන්නු සෙට් එකක් අනිනවා වගේ වැඩක් මේක... බඩුමිල අහස උසට... කොහොමද මිනිස්සු කීයක් හරි හොයාගන්නේ.. දවල්ට ලයිට් කැපුවාම? රජයේ සේවකයින්ට කොහොමත් එකයි. ගෙදර හිටියත් පඩි ගෙවනවා. බලධරයිනි, මොලේ කල්පනා කරලා වැඩකරන්න.
නියමයි...!! පැය දහය නෙවෙයි, පැය විසි හතරම විදුලිය කපන්නයි ඕනෑ. එතකොට අපේ දේශීය ආර්ථිකේ හොඳටම ශක්තිමත් වෙනවා. එතකොට කාටද ආඩම්බර? අන්න එහෙමයි අපි ලෝකෙටම ලොක්කෝ වෙන්නේ...
එපා වෙලා ඉන්නේ.....ෂික් විතරක්
රටම අඳුරේ .කාලකන්නි රජයක් .තවමත් මිරිහානට සහ කොළඹ නගරයට විදුලි කප්පාදුවක් නැත
ඩීසල් ලබා නොදී විදුලිබල මණ්ඩලය අප්‍රසාදයට පත්කළාද විදේශ ආයතනවලට? විකිණීමේ මුලද මේ ?
දැන් සැපද?
ජනාධිපතිගේ එදා කතාවේදී කිව්වා.. ඔහුව විශ්වාස කරන්නලු. සියළු ප්‍රශ්න විසඳනවලු. මෙන්න විසඳන හැටි... අර මන්ත්‍රී ඩයනා නෝනා කිව්වනේ, මේ ජනාධිපතිට අවුරුදු දෙකක් අහිමි වුණා කියලා. දැන් ජන මතයක් තියන්න ඕනේ ඉතුරු අවුරුදු තුන ඉන්න ඕනෑද කියලා. එතරම් හොඳටම කරනවා.
සියලු රජයේ ප්‍රධානීන් මීට වගකිව යුතුය.
අනේ සර් තොලොංචි වෙලා යන්නකෝ... ඉන්න හිටින්න රටක් දෙන්න ආපු විරුවා ...!