(ඉන්දිකා රාමනායක)
ලෝක කම්කරු දිනය සමරමින් කොළඹ නගරයේ හෙට (1) දිනයේ පැවැත්වෙන මැයි රැළි හා පොළපාලි වල ආරක්ෂාව හා රථවාහන හැසිරවීමේ රාජකාරි වෙනුවෙන් පොලිස් නිලධාරීන් 3500 ට ආසන්න පිරිසක් ක්ෂෙත්‍ර රාජකාරි සදහා යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
මෙවර කොළඹ නගරය , නුගේගොඩ, මහනුවර සහ හැටන් යන ප්‍රදේශ වල අවදානය යොමුවන ප්‍රධාන රැළි හා පෙළපාලි පැවැත්වෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
කොළඹ නගයේ හෙට දිනයේ පැවැත්වෙන මැයි පෙළ පාලි හා රැළි අතර සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගන, බොරැල්ල කැම්බල් පිටියේ මැයි රැළි පැවැත්වෙන අතර, පෙළපාලි අතර පංචිකාවත්ත සංඝරාජ හංදියේ සිට කෙසෙල්වත්ත ඊ ගුණසිංහ ක්‍රිඩාංගනය දක්වා පෙළපාලයක් ආරම්භ වී එහි රැළියක් පැවැත්වේ.
හැව්ලොක් පාරේ බී ආර් සී පිටිය අසලින් පෙළපාලිය ආරම්භ වී ආර් සේනායක මාවතේ දී එහි රැළිය පැවැත් වේ. රතුකුරුස හංදියේ සිට හයිඩ්පිටිය දක්වා පෙළපාලියක් ආරම්භ වී එහි රැළියක් පැවැත්වේ.
කොටුව දුම්රිය ඉදිරිපිට සිට මාලිගාවත්ත පී ඩී සිරිසේන ක්‍රිඩාපිටියේ දක්වා පෙළපාලිය ආරම්භ වී එම රැළිය එහිදී පැවැත්වේ. නුගේගොඩ දෙල්කඳ සිට නුගේගොඩ එළිමහන් රංග පීඨය දක්වා පෙළපාලියක් ආරම්භ වී එහි රැළියක් පැවැත්වේ.
මෙම පෙළපාලි මාර්ගයේ ගමන් කරන ආකාරය සම්බන්ධයෙන් එහි සංවිධායකවරුන් කල්තියා පොලිසිය දැනුවත් කර ඇති බවත්, මෙම පෙළපාලි මාර්ගයේ ගමන් ගන්නා රථවාහන වලට බාධා නොවන අයුරිය් එක් මංතිරුවක් ඔස්සේ ගමන් කරන බවට සංවිධායකවරුන් පොලිසියට දැනුවත් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
එකඟ වු ආකාරයෙන් කටයුතු කර , ලබා දී තිබු වේලාවන් වලට පෙළපාලි ආරම්භ කර පොලිසියට සහය ලබා දෙන ලෙසට සියලු සංවිධායවරුන්ගෙන් ඉල්ලා සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ සල්ලි ...