( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පාස්කු ඉරුදින ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා වහාම අධිකරණයට ඉදිරිපත් කරන හබයාස්කෝපූස් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා එම නීතීඥවරයාගේ පියා සහ සොහොයුරා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සම් දෙකක් ගොනු කරනු ලැබූහ.
මෙම රිට් පෙත්සම්හි වගඋත්තරකරුවන් වශයෙන් වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
එසේම නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා සැකපිට අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බවත් , ඔහුව වහාම පොලිස් අත්අඩංගුවට ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කරුවෝ සිය පෙත්සම් වලින් වෙන වෙනම ඉල්ලා සිටිති.
නීතීඥ සනත් විජේවර්ධන සහ නීතීඥ ගෞරී සංගරී තවරාසා මහත්ම මහත්මීන් මාර්ගයෙන් ගොනු කර ඇති මෙම පෙත්සම් මඟින් පෙත්සම්කරුවෝ මෙසේද කියා සිටිති.
" දැනට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නීතීඥවරයා " සේව් ද පර්ල් " නැමැති අරමුදලේ භාරකරු වේ.මෙම අරමුදල මඟින් අනාථ දරු දැරියන්ට ආධාර උපකාර කරනු ලබයි.මේ පිළිබදව මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් නීතිඥවරයා ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගෙන ඇත.
ඊට අමතරව පාස්කු ඉරුදින ප්‍රහාර සිද්ධියේ සැකකරුවෙකු වන ඉබ්‍රාහිම්ගේ නඩු කටයුතු වලට පෙනී සිටීම පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර නීතීඥවරයා ගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇත.
තත්ත්වය මෙසේ තිබයදී පසුගිය 14 වැනිදා නීතීඥවරයා සිය නිවසේ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් නිවසට පැමිණ ඔහුට දුරකථන අංක කිහිපයක් ඉදිරිපත් කර ඒ පිළිබදව ඔහුගෙන් ප්‍රශ්න කර ඇත.ඊට අමතරව ඉබ්‍රාහිම් නැමැත්තා ගේ කොළඹ දිසා අධිකරණයේ පවතින නඩුවක ලිපිගොනු පිලිබද විමසා නීතීඥවරයා ගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තේය.
ඉන්පසුව ඊට පසුදින වූ 15 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස නීතීඥවරයාට නියෝග කර ඇත.ඒ අනුව 15 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය විට ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන සිටින නීතීඥවරයා දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීලසිටින ක්‍රියාධරයෙකු බවත් , විශේෂයෙන්ම සුළුතර මුස්ලිම් ජනතාවගේ ආගමික අයිතීන් වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින්නෙකුද වේ.එසේම පසුගියදා කොරෝනා වයිරස් තත්ත්වය හසුවේ මියගිය මුස්ලිම් ජාතිකයින් ආදාහනය කිරීමට බලධාරීන් ගත් තීරණ දැඩිව විවේචනය කල අයෙක්වූ බැවින් එම තත්ත්වය මෙම අගතිදායක අත්අඩංගුවට ගැනීමට තවත් හේතුවක් වන්නට ඇතැයි කියා සිටී.
මෙසේ අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි වේ.
එබැවින් මෙම නීතීඥවරයා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් වගඋත්තරකරුවන්ට හබයාස්කෝපූස් රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද ,නීතීඥවරයා පොලිස් අත්අඩංගුවෙන් මුදා හරින ලෙසට නියෝග කරන්නැයි ද පෙත්සම්කරුවෝ සිය පෙත්සම් මඟින් අධිකරණයෙන් ඉල්ලා සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහිදී වැදගත් වන්නේ නිතිය දන්නා කෙනෙක් මෙරට නිතිය උල්ලංඝනය කළාද යන්නයි. එසේ කළානම් සාමාන්‍ය පුද්ගලයකුට වැඩිය උපරිම ලෙස දඬුවම් ලබාදීම ගරු අධිකරණයේ ආදිපත්‍ය උපරිම ලෙස ආරක්ෂා කිරීමයි. මොකක් හෝ බොරුවක් කියා යම් අයෙක් ගරු අධිකරණය රැවටීමට උත්සහ කරනවානම් එය කොයි ලෙසකින් හෝ නිදහසට කරුණක් නොවිය යුතුය.
නීතිඥ හිජාස් හිස්බුල්ලා යනු දක්ෂ නීතිවේදියෙකු වන අතර ඔහුව ඇත අඩංගුවට ගැනීම බරපතල ලෙස බලය යුතු ලෙස පරිහරණය කිරීමක් වන අතරම නීති විරෝධී ඇත අඩංගුවට ගැනීමකි. ඔහුව වහාම අධිකරණයකට ඉදිරිපත් කොට චෝදනා ඇත්නම් විභාග කොට නිදහස් කල යුතුය. නොඑසේ නම් එය ව්‍යවස්ථාපිත මානව අයිතිවාසිකම් කඩ කිරීමකි.
ඔය අන්තවාදියා ඉකමනට අපායට යනව නම් ඒක රටටම යහපතක්...
මේ ගැන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කරන පරික්ෂණ වලට ඉඩදීම සදහා වෙනත් ප්‍රකාශ කිරිම නුසුදුසුය.
ප්‍රශ්න කිරීමීදී අර කවුදෝ කීවා මෙන් තේරෙන බාෂාවකින් කලයුතුය.