
(පුෂ්පකුමාර ජයරත්න)
තම මිතුරන් සමඟ හැංගිමුත්තන් සෙල්ලම් කිරීම සඳහා ගිය 14 හැවිරිදි පාසල් සිසුවෙක් ඉදි කරමින් තිබෙන දෙමහල් නිවසක පළමු මහලෙන් බිමට ඇද වැටී මරණයට පත්ව සිටින බව දොරටියාව පොලීසිය පවසයි.
ඊයේ (1) පස්වරුවේදී සිදුවූ එම අනතුරෙන් දොරටියාව ගල්පොත්තවත්ත හිඳගොල්ල පදිංචි දිගම්පිටිය විද්‍යාලයේ නවවන වසරේ ඉගෙනුම ලැබු සුදේශ් මධුෂංඛ සිසුවා මරණයට පත්ව ඇත.
ඔහුගේ මිතුරන් සිව් දෙනෙකු සමග නිවසට යාබඳව පිහිටි ඉදි කරමින් පවතින දෙමහල් නිවසේ ඉහල මාලයේ සෙල්ලම් කරමින් සිටියදී තාවකාලිකව සකසා තිබූ ගඩොල් බිත්තියක හැපී එයද කඩාගෙන බිමට ඇදවැටීමෙන් බරපතළ තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇත.
2025 දෙසැම්බර් මස 18
149
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හැංගිමුත්තන් සෙල්ලමෙන් සිසුවා සදහටම හැංගෙයි