(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

විදුලිබිල සංශෝධනය දුප්පත් ආගමික ස්ථානවලට දරාගන්නට නොහැකි වී ඇතැයි සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ආගමික ස්ථානවලටත් බලපාන සංශෝධිත විදුලි බිල ගැන මහත් ආන්දෝලනයක් තිබෙන අතර පන්සල් ඇතුළු හැම ආගමික ස්ථානයකටම මෙය දරා ගන්න බැරි වී තිබෙන බව රවුෆ් හකීම් මහතා කීය.

 පොහොසත් පල්ලි පන්සල් කෝවිල් තිබෙන නමුත්  දුෂ්කර ප්‍රදේශ වල සිද්ධස්ථානවලට විශාල ප්‍රශ්නයක් ඇතිවී තිබෙන බව කී රවුෆ් හකීම් මහතා මේ ප්‍රශ්නයට පිළිතුරක් ලබා දීමට කටයුතු කරන්නැයි ඉල්ලා සිටියේය.