IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


හික්කඩුවේ උත්සවයකට මැකෝ හරස්වෙයි

(එම්.සුසිල් පියන්ත)

රජයේ නිලධාරීන්ගේ මැදිහත්වීමන් අද (16)  විවෘත කිරීමට නියමිතව තිබූ හික්කඩුව කුමාර කන්ද විකල්ප මාර්ගය උත්සවය මැතිවරණ කොම්ෂන් සේවා සභාව විසින් නතර කර දැමීමට පියවර ගනු ලැබීය.

හික්කඩුව සංචාරක පුරවරයේ දේශීය හා විදේශීය සංචාරකයන් නගරය තුළ ගමන් කිරීමේදී දුර ගමන් සේවා බස් රථ සහ බර වාහන ගමන් කිරීම හේතු කොට ගෙන සංචාරකයන්ට වන අපහසුතාවය මග හැරවීම සඳහා හික්කඩුවේ සිට  ගෝන පිනුවල හරහා කුමාර කන්ද දක්වා  ගමන් කිරීමට යෝජනා කළ නව විකල්ප මාර්ගය අද( 16)  විවෘත කිරීමට  නියමිතව තිබිණ.

ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සේවා සභාවට කරන ලද පැමිණිල්ලකට අනුව ගාල්ල සහකාර මැතිවරණ කොමසාරීස් ඇතුලු නිලධාරීන් පැමිණ මේ උත්සවය නතට කරන ලෙසට මේ උත්සවය සවිංවිධායකයන්ට උපදෙස්දී තිබේ. මේ උත්සවය  හික්කඩුව සංචාරක සේවා සපයන්නන්ගේ සංගමය විසින් සංවිධානය කොට තිබිණ.

ජනාධිපති අපේක්ෂක රනිල් විකමසිංහ මහතා ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනෙන් සිදු කරන බවට කළ පැමිණිල්ලක් හේතු කොට ගෙන මෙම හික්කඩුවේ විකල්ප මාර්ගය විවෘත කිරීමේ වැඩසටහන නැවැත්වීමට හේතුවවූ බව මැතිවරණ කොමිෂන් සේවා සභාවේ පකාශකයකු කීවේය.

 

 



අදහස් (2)

හික්කඩුවේ උත්සවයකට මැකෝ හරස්වෙයි

Prabha Friday, 16 August 2024 04:42 PM

රනිල් නීතියට ගරු කරන කෙනෙක් නෙවෙයි...

:       6       51

ranjith Friday, 16 August 2024 09:02 PM

ඕවා මහජන මුදල් වලින්නේ හදලා තියෙන්නේ... ඔය 225 සල්ලි වලින් නෙවේනේ. ඒ නිසා වැඩ ඉවර වුණාට පස්සේ ජනතාවට භාවිතා කරන්න දුන්නා නම් හරි... මොන විවෘත කිරීම්ද? තව මුදල් කාබාසිනියා කරන වැඩ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site