
(ගයාන් සූරියආරච්චි)
නීති විරෝධිව හක් බෙල්ලන් 3621 ක් ගබඩා කර සිටි බව කියන පුද්ගලයෙක් මන්නාරම, නායතුවේලි ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් ඊයේ (15) අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු සැකකරු වයස අවුරුදු 54 ක් වන කන්දකුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක සහ ඵුස්සදේව ආයතන සහ මන්නාරම පොලිස් ප්‍රාදේශීය අපරාධ විමර්ශන කාර්යාංශය හා එක්ව මෙම වැටලීම සිදුකළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදෙස් රටවල මිනිසුන් හා කාන්තාවන් මේ හක්බෙල්ලන් හා මීටත් විශාල හක් බෙල්ලන් අල්ලා මස් ගුලිය ගලවා ඒ සතාගේ ශරීරය තුළ ඇති වටිනා වර්ණවත් මුතු එකතුකර ගන්නවා. පොලිස් කාරයෙක් පළාතක නැහැ. නීතියෙන්ද බාධා නැහැ. ඔවුන් මුතු රැගෙන විසිකරන කවචය හෙවත් කටුව පසෙකට දමනවා. ඒවා මේ රටේ සමහර මින්සුන් ගෙනැවිත් මෙසේ ගබඩා කොට විකිණීමේ වරදක් තිබේද? මිළට ගනු ලබන්නේ වමට හැරී තිබෙන ඒවායි. මේ රටේ නීතිය ක්‍රියාවේ යොදවන අය අල්ලන්නේද ඒවායි. මෙවන් වැටලීමකදී ඉහළ පොලිස් නිලධාරියෙකු කීවේ දකුණට කැරකුණු ඒවා වැඩක් නැහැ. වමට කැරකුණු ඒවා විතරයි අවශ්‍ය යනුවෙනි. වැරැදිලා හෝ කකුළු කටු, සිප්පි කටු, ගොලුබෙලි කටු, පොකිරිස්සන්ගේ කටු ආදිය කවුරුන් හෝ මිලට ගන්නේ නම්,මේ රටේ පොලිසිය ඒවාද ඇල්ලීමට පියවර ගන්නා බවට යමෙකුට තර්ක කළ හැකියි. මේවාට අධික ලෙස ඉල්ලුමක් පවතී නම්, රජය කළයුතු වන්නේ, එයින් රජයට බද්දක් අයකර ගැනීමට උපදෙස් දීම නොවේද? මත් ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට කටයුතු කිරීම ගැන පොලීසියට ස්තූති කරනවා. ඒත්, කාට හෝ හානියක් සිදු නොවන මියගිය සතෙකුගේ කටුවක් පස්සේ මහා වීරයන් සේ පන්නා මිනිසුන් දුකට පත් කිරීම සංවේගයට කරුණකි.
මේ වගේ මැරුණු සතෙකුගේ කවචයක් ළඟ තබා ගත්තාම මොකද වෙන්නේ? බොහෝ රටවල මේ කවච වලින් විසිතුරු භාණ්ඩ නිපදවනවා. ඒවා සංචාරක ආකර්ශණයටත් ලක්වෙනවා. ඒත් අපි...!