(ආරියරත්න රණබාහු )
අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරය එල්ල කර ඇත්තේ උසස් පෙළ සිසුවෙකු බවට හඳුනා ගෙන ඇතැයි එම අමාත්‍යාංශය පවසයි
කෘතිම බුද්ධිය විෂය හදාරන මෙම සිසුවා අධ්‍යාපන අමාත්‍යංශ වෙබ් අඩවිය සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ වෙබ් අඩවියේ ආරක්ෂක ගැටලුවක් පෙන්වා දීම සඳහා මෙම ප්‍රහාරය සිදුකළ බවය.
එම නිල වෙබ් අඩවිය අද දවසේදී යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි ද ඇතැයි දඅමාත්‍යංශය පවසයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කරපු දේ අනුමත කරනවා නෙමෙයි. ඒත් මෙන්න මේවයි ලංකාවේ ගොඩක් රජයේ ආයතන වල තත්වය: 1. බග් බවුන්ටි ප්‍රෝග්‍රෑම් එකක් නැත. හදපු මිනිස්සු හිතන්නේ ලෝකෙම තියෙන හොඳම සයිට් එක තමන් හැදුවා කියලා. කවදාවත් අහන්න කැමැති නෑ අනුන් කියන දේ හරි අනිත් ඔපීනියන් එකක් ගන්න. 2. ඊමේල් එකක් නෑ. වොනරබිලිට් එකක් රිපෝට් කරන්න. ඒ රිපෝට් කළත් ඒ වගේ දේකට රෙස්පොන්ඩ් එකක් නැත. එක්කො තියෙන ඉගෝ එකට අහන්න කැමැති නෑ. 3. බිස්නස් සෙන්ස් එකක් නැති හොඳම උදාහරණය. ඩොමේන් එකක් ගන්න ගියාම තියෙන කරදර ගොඩ සහ ඒවා හැඬල් කරන මිනිස්සුන්ගේ තියෙන පර්සනල් ඊගෝ එක.. (මේකට සමහර විට දේවල් කියයි.. ඒත් කරගන්න ගිය මිනිස්සු දන්නවා ඇත්ත තත්වය..) 4. ඒ ළමයා අහු වුණොත් ගෙනැල්ලා හිරේ දාවි. ඒත් නෑ රීහැබිලිටේෂන් කරන විදිහක් සහ ඒ වගේ දේවල් වලින් ප්‍රයෝජන ගන්න විදිහක්. ලෝකෙටම සොෆ්ට්වෙයාර් සහ වෙබ් ඇප් හදන අපේ රටේ කම්පැනි ඉන්නවා. ඒත් අපේ සයිට් හදාගන්නවා කරන්න පුළුවන් චීප්ම විදිහට ගෙවන්න තියෙන වැඩිම ගාන ගෙවලා. මේක කරපු මල්ලි හරි නංගි ඔයාගේ නොලේජ් එක ලීගලි යූස් කරන්න ලෝකෙ ඕනෑ තරම් තැන් තියෙනවා... ඒවා කියවලා බලලා කරන්න.. ඔයාගේ නිකන් වෙලාව නාස්ති කරගන්න එපා..
කවුරු කලත් මේ නීතිවිරෝධී ක්‍රියාව සාධාරණීකරණය කරන්න බැහැ. නමුත් මෙම පුවතින් අපට පෙනෙන්නේ, පාසල් දරුවෙක්ට තිබෙන උනන්දුව, දැනුම සහ කැපවීම ඔය දෙපාර්තමේන්තුවේ ඕවා භාරව ඉන්න නිලධාරීන්ට නැති බව, එම නිසා දිනෙන් දින රටේ අධ්‍යාපනය කඩාවැටෙන එක පුදුමයක් නොවේ...