(ජව්ෆර් ඛාන්)

මඩකලපු දිස්ත්‍රික්කයට මේ දිනවල බලපා ඇති තද සුළං සමඟ වැසි හේතුවෙන්, නැගෙනහිර පළාතේ විශාලතම සංචාරක බෝට්ටු සේවාව නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව කාත්තාන්කුඩි නගර සභාව නිවේදනය කර ඇත.

මේ අතර, අයහපත් කාලගුණය හේතුවෙන් මඩකලපු දිස්ත්‍රික්කයේ වැව් මසුන් ඇල්ලීමේ කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී තිබේ.

ධීවරයින්ට ධීවර කටයුතුවල නිරත වීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන්ගේ දෛනික ජීවනෝපාය දැඩි ලෙස බලපෑමට ලක්ව ඇත.