
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි)
බ්ලුමැන්ඩල් පොලිස් ස්ථානය තුළදී පොලිස් සැරයන්වරයකු සන්තකේ තිබූ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් කොස්තාපල්වරයකු තුවාල ලබා ලබා රෝහල් ගත කළ බව බ්ලූ මැන්ඩල් පොලිසිය සඳහන් කරයි.
තුවාල ලබා ඇත්තේ එදින උපසේවක රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකි.
නිල අවිය භාර බාරගෙන එය පරික්ෂා කරන අවස්ථාවේදී අවිය ක්‍රියාත්මක වී උපසේවය තුළදී එක් උණ්ඩයක් අවියෙන් පිටවී එම උණ්ඩය ටයිල් පොළවේ වැදි උණ්ඩයේ කොටසක් උපසේවක ලෙස රාජකාරී කරමින් සිටි කොස්තාපල්වරයාගේ වම් කකුලේ වළලුකරට තරමක් ඉහළින් වැදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd