
(චන්දන හෙන්දුරුගොඩ )
අධි සුඛෝපභෝගී ජීප් රථයකින් ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි තරුණ අඹු - සැමි යුවළක් රථවාහන රාජකාරීයේ යේදී සිටි ආරච්චිකට්ටුව පොලිස් ස්ථානයේ නිළධාරින් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
පුත්තලම - හලාවත මාර්ගයේ බත්තුළුඔය පොලිස් මාර්ග බාධකයේදී සැකකටයුතු මෙම නවීන පන්යේ ජිප් රථය නවතා පරීක්ෂා කිරීමේදී පොහොර උර 03ක සඟවා තිබූ මෙම ගංජා තොගය පොලිස් නිළධාරින් සොයා ගෙන තිබේ.
සැකකරුවන් ගමන් කරමින් සිටි අධි සුඛෝපභෝගී ජීප් රථය තුළ තිබූ ගංජා කිලෝ ග්‍රෑම් 17 යි මිලි ග්‍රෑම් 985 ක්ද පොලිස් බාරයට ගැනීමට හැකි වී ඇති අතර , අත්අඩංගුවට ගෙන ඇති 24 හැවිරිදි සැකකරු මොනරාගල - හබ්ඹේගමුව පදිංචිකරුවෙකි. ප්‍රධාන සැකකරුගේ බිරිද වන 23 හැවිරිදි සැකකාරිය රාජාංගනය ප්‍රදේශයේ පදිංචිකාරියක් බවට අනාවරණය වී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd