(තුසිත කුමාරද සිල්වා සහ සුමිත් පොතුපිටිය)


දකුණු පයාගල ප්‍රදේශයේදි   ඊයේ (14) රාත්‍රී හිසට පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පයාගල පොලිසිය පවසයි.

මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ පයාගල  ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි දැරණියගල ගේ නිෂාන්ත පීරිස් නැමති පුද්ගලයෙකු බවද පොලිසිය සඳහන් කරයි.

පයාගල විහාරකන්ද ප්‍රදේශයේ නිවසක ඊයේ   අවුරුදුදා රාත්‍රියේ අවුරුදු මත්පැන් සාදයක් පැවති ඇති අතර, එහිදී එකට මත්පැන් පානය කළ අයවලුන් සමඟ කතාබහක් ඇතිව තිබූ බව සඳහන්වේ.

මත්පැන් සාදයෙන් අනතුරුව ඝාතනයට ලක් වූ පුද්ගලයා ඔහු විසින් දකුණු  පයාගල දුම්රිය ස්ථානයේ අසල ඇති එළවලු වෙළඳසැල ආසන්නයේදී පහර කෑමට ලක්ව ඇති බව පොලිසිය පවසයි.