
(මනෝප්‍රිය ගුණසේකර)
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා විසින් කළැයි කියන ප්‍රකාශය පිළිබඳ විමර්ශන කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශයට අවසර දුන් කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා සාගර කාරියවසම් මහතා අදාළ ප්‍රකාශය කළ මාධ්‍ය හමුව වාර්තා කළ සියළුම මාධ්‍ය නාළිකා වලට එම ප්‍රකාශය කරන අවස්ථාවට අදාළ සංස්කරණය නොකල දර්ශන මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශයට ලබා දීමටද අද (06) නියම කළේය.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා කළැයි කියන ප්‍රකාශය පිළිබඳ විමර්ශන කිරීමට අවසර දෙන්නැයි මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි කමල් ආරියවංශ මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.
සිද්ධියට අදාළව කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි කමල් ආරියවංශ මහතා පසුගිය දිනෙක පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා අදහස් දක්වමින් ‘වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ආණ්ඩුවට සේවය කිරීම නවතා රජයට සහ ජනතාවට සේවය කළ යුතුයි්, මිනිස්සුන්ගෙන් ගුටි කෑම නිසා මහපාරේ මියගිය 37 වන පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය ඉතිහාසගත වනවාට මා අකැමැතියි’ යනුවෙන් ප්‍රකාශ කර ඇතැයි දැනුම් දුන්නේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා මාධ්‍ය හමුවකදී කළ අදාළ ප්‍රකාශයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට තර්ජනයක් වී ඇතැයිද එලෙස තර්ජන කිරීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට තමන්ට අවසර දෙන්නැයි සහකාර පොලිස් අධිකාරි කමල් ආරියවංශ මහතා ඉල්ලීමක්ද කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd