(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි සම්බන්ධයෙන් පරීක්ෂණ මණ්ඩලයක් පත්කර නිසි අයුරින් පරීක්ෂණයක් පවත්වන ලෙස වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට ලිඛිතව දන්වා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව අගතියට පත් පාර්ශ්ව වෙනුවෙන් නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න මහතා ඇතුළු නීතිඥයින් පිරිසක් මෙන්ම එලෙස අගතියට පත් පිරිස් ජාතික පොලිස් කොමිසමට කරන ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින් එම කොමිසම වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට යොමුකරන ලද ලිපියක් අනුව විශේෂ විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති මෙවන් ද සිල්වා මහතාට ඒ බව දන්වා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ජාතික පොලිස් කොමිසමේ මහජන පැමිණිලි විමර්ශන අංශයේ අධ්යක්ෂ ඩබ්ලිව්.ඒ.ඕ.පී ලක්ෂ්මන් මහතා වැඩ බලන පොලිස්පතිවරයාට යොමු කරන ලද එම ලිපියේ පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය යටතේ පරීක්ෂණ මණ්ඩලයක් පත් කර එම විමර්ශන කටයුතු සිදුකරන ලෙසද දන්වා ඇතැයි පැවාසේ.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ දී සිදු කෙරුණ සැත්කම්වලදී මව්වරුන් වද භාවයට පත් කළැයි කියන සිද්ධියකට වෛද්‍ය සාෆි 1978 අංක 49 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව ඉකුත් මැයි මස 27 අත් අඩංගුවට ගත් අතර ඉකුත් 11 වැනිදින කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුය මේ මස 25 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති මෙවන් ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට සීඅයිඩි එක කරන්නේ බොරුද.? ඒක පොලිසියට අයත් නැද්ද.?
මේ නාටකයත් ඡන්දය වෙනකම් ඇදේවි. දැන් බලන්න ඔක්කොම නිදහස් කව්රුවත් වැරදි කාරයෝ නෙවිලු.. අහිංසක පූස් පැටවුන්ට මේ නිස්කාරනේ මඩ ගහනවා. මෙයත් නිදහස් වේවි. (මෙයා ගැන විද්‍යාත්මකව වෙනම කියවීමක්, ලොකු කතන්දරයක් තියනවා... ඒක වෙනයි) අන්තිමට ඔන්න බලන්න සහරානුත් නිදහස් මිනිහ නෙවෙයි කියාවි බෝම්බකරු...!
අනේ මේවා බොරුචෝදනා කවදාවත් මුස්ලිම් කෙනෙක් මේවගේ වැඩක් කරන්නේ නැහැ. ඔවුන් හරිම මානව හිතවාදීන් පිරිසක්...දැන්වත් සහජීවනය හොඳට හඳුනන ජාතියක්...
අහෝ සී.අයි.ඩී. එකත් පිරිහුණා. ඔවුනුත් මුදලට හෝ බලයට යටවුණා. දිනෙක ඔවුන්ට මේ සියල්ල හෙලිකර දඬුවම් විඳින්නට වේවි. උතුරන තෙක් දිය සැළියේ.., කකුළුවා සැපයක් යයි දිය කෙළියේ...
සැත්කම් නෙවෙයි, වඳ පෙති දීලාද කියලා පරීක්ෂණයක් කරන්න.
මේක නම් ඉතා අසාධාරණයක්. දැන් මේ සිද්ධිය දේශපාලන වාසියට හරවා ගැන. මේ වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන ජවිපෙ මන්ත්‍රීවරු හැර අනිත් මන්ත්‍රීලාගේ දරුවන් (පක්ෂ භේදයෙන් තොරව) ඉගෙන ගන්නේ කොළඹ සුපිරි පාසල්වල... ඔවුන්ගේ දරුවන් කොහොමටත් ඔවුන් ඡන්ද ඉල්ලන්න ගමේ පාසල්වල නොවේ ඉගෙන ගන්නෙත්... රටේ සාමාන්‍ය මිනිස්සු මේවා දැනගත යුතුයි. අධිකරණයට පිටේ සෙනඟ රැස්වුණු පලියට ඇපදීම ප්‍රතික්ෂේප කරනවා නම්, රටේ නීතියක් මොනවටද? අද යුද්ධය අවසන් වෙලා අවුරුදු දහයක් ගත වෙලත්, තාමත් මේ රටට ජාත්‍යන්තරයෙන් නොයකුත් බලපෑම් එල්ල වෙමින් පවතිනවා. මුස්ලිම් ජන සමාජයට දිගින් දිගටම මෙවැනි අසාධාරණ සිදුවුණත්, අනාගතයේ ජාත්‍යන්තරයෙන් තවත් අරබුදවලට මුහුණ දෙන්න සිදු වේවි. එහම වුණොත්, අපිට කවදාවත් ගොඩ වෙන්නත් බැහැ.. දියුණු වෙන්නත් බැහැ. අපේ අනාගත පරපුරට කරන හානියක්... ඔවුන් හිතං ඉන්නේ මේක ලොකු හපන්කමක් කියලයි...
පටු අරමුණුවලින් ඉවත්වෙලා මේ සිදුවීම දෙස පුලුල්ව සිතා බලන්න. ලංකාවේ සිංහල, දෙමළ හා මුස්ලිම් වෛද්‍යවරුන් සිටිනවා. අපේ මිනිස්සු කිසිදු භේධයකින් තොරව එම වෛද්‍යවරුන් වෙත යනවා. 30 වසරක යුද්ධයක් තිබුණත් කිසිදු දෙමළ වෛද්‍යවරයකුට එරෙහිව මෙවැනි චෝදනාවක් මිනිසුන්ගෙන් එල්ල වුනේ නෑ. අදටත් මිනිස්සු සමහර මුස්ලිම් වෛද්‍යවරුන් වෙත යනවා. මුස්ලිම් ජාතික ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන් සිටිනවා. ඔවුන්ට එරෙහිව කවුරුත් චෝදනා කර නෑ. නමුත් මෙම වෛද්‍යවරයා ක්‍රියා කලාපය ටිකක් වෙනස් බවයි පෙන්නන්නේ. ඔහු තවමත් තරුණ වෛද්‍යවරයෙක්. විශේෂඥ වෛද්‍යවරයකුත් නොවේ. එහෙත් ඔහු සිසේරියන් සැත්කම් 4000ක් පමණ කර තිබෙනවා. (ඔබට මතක ඇති, බොහෝ අය සිතුවේ වෛද්‍යවරයකුට ජීවිත කාලෙදීවත් මෙතරම් සිසේරියන් සැත්කම් කිරීමට අවස්ථාවක් නැති බවයි.) සිසේරියන් සැත්කම් සඳහා ඔහුගේ උනන්දුව හා දක්ෂතාවය ගැන සැකයක් නෑ. සාමාන්‍යයෙන් මවක් ඉල්ලා සිටියත් හොඳ වෛද්‍යවරයෙක් මවක සිසේරියන් සැත්කමක් සඳහා යොමුකරන්නේ නැහැ ප්‍රසූතිය සදහා විශේෂ ගැටලුවක් නොමැති නම්... නමුත් මෙම වෛද්‍යවරයා වෙනස් විදියකටයි ක්‍රියාකරලා තියෙන්නේ...
සිසේරියන් සැත්කම් සඳහා විශේෂඥ වෛද්‍යවරයා නිර්දේශ කර නොතිබූ මවුවරුන්ට පවා මෙම වෛද්‍යවරයා හදිසියේ සිසේරියන් සැත්කම කර ඇතිබව වාර්තාවෙලා තිබුණා. ප්‍රසූතියට සුදානම් කළ මවක් ඒ අතරතුර මතුවූ සංකූලතාවයක් නිසා එවන් හදිසි සැත්කමකට භාජනය කරන්න වෙනවා වෙන්න පුළුවන්... නමුත් මෙතන බොහෝවිට සිදුවී තිබෙන්නේ.. එහෙම දෙයක් නොවන් බව පෙනෙන නිසා... එතනත් ගැටලුවක් මතුවෙනවා. වෛද්‍යවරයකුට සියලු රෝගීන් එක හා සමානයි. ජාති, ආගම් බේද වෘත්තීය වගකීම් අතරතුරදී සලකන්න බෑ. එසේ නොවන ලෙස ක්‍රියා කරයි නම් එය වෛද්‍ය වෘත්තීය සාරධර්මවලට පටහැනියි (ethics). නමුත් මෙම වෛද්‍යවරයා මුස්ලිම් මව්වරුන්ට ඉතා සැලකිලිමත් ලෙසත් එසේ නොවන මව්වරුන්ට නොසැලකිලිමත් ලෙසත් සලකා තිබෙන බව සාක්ෂි වලින් පේනවා. ඔහු වෘත්තීය සාරධර්ම කඩ කර තිබෙන බවයි එයින් පෙනෙන්නේ. ethics violate කරන අයකුට එම වෘත්තීය තුල තව දුරටත් රැඳීසිටින්නට බැහැ. ඔහු හෝ ඇය එම වෘත්තියෙන් පහකළ යුතු බවයි ලෝක සම්මතය. එසේනම් එතැනදීත් ඔහු පිළිබඳ ගැටලුවක් තියෙනවා.
වෘත්තීය සාරධර්ම කඩකර තිබෙනවා. එසේනම් එතැනදීත් ඔහු පිළිබඳ ගැටලුවක් තියෙනවා. දරුවකු පිළිසිඳ ගැනීම සංකීර්ණ ක්‍රියාවලියක්. මව හා පියාගේ බීජයන් හොඳ තත්වයේ තිබුණත් පිලිසිද ගැනීම සිදුවන පද්ධතියේ ක්රියාකාරීත්වයේ සුලු හෝ දෝෂයක් ඇති උවහොත් එය සිදුවන්නේ නෑ. අතිශය සියුම් එහි කරන ඉතා සුලු වෙනසකින් ප්‍රජනන පද්ධතියට හානිවෙන්න පුලුවන්... හානි වීම පහසු වුවත් හානි හඳුනා ගැනීම පහසු නොවෙන්න පුලුවන්. දරුවෙකු වෙනුවෙන් ගර්භාශය විවෘත කර වෛද්‍යවරයාගේ නොසැලකිලිමත් බව නිසා හෝ සිතාමතා හෝ ප්‍රජනන පද්ධතියට හානි වී දරුවන් වදන්නට නොහැකිව දුක් විඳින මවක් නැවත නැවතත් පරීක්ෂණ සඳහා පැලෝපීය නාල පෙන්නන්නට ඒවි යයි සිතන්නට අමාරුයි. එහින් ඇයට සිදුවන යහපත කුමක්ද? ඇයට තව දරුවන් ලැබේවිද? ඇය තව දුරටත් රෝගී වේ යැයි බියට පත් වේවි. ඒ නිසා මවුවරුන්ට පරීක්ශණ සදහා ඉදිරිපත් වන්නයැයි බලකරන්න බෑ. මෙම පසුබිම තුල පැලෝපීය නාල පරීක්ෂණ සිදුනොකරන්නේ නම් මෙම වෛද්‍යවරයා නිදහස් කරන්න යැයි කිසිවකුට කියන්න බෑ. මොහුට විරුද්ධව මව්වරුන් දහසක් පමණ පැමිණිලි කර ඇත්නම් එය ඉතාම බරපතල චෝදනාවක්..වෘත්තීය තුළ මොහුගේ හැසිරීම ගැනත් බලනවිට...
මෙය ඉතාම බරපතල අසිරූ හා සංකීර්ණ සිදුවීමක්... ලෝකයෙන්වත් නීති වෘත්තිකයින්ට උදාහරණ නැතුව ඇති තීන්දු තීරණ ගැනීම සඳහා අධ්‍යයන කිරීමට. ඒ නිසා සරලව සිතා ඇප ලබාදී නිදොස් කොට නිදහස් කළ හැකිද..?
දැන් ගොඩක් අය දන්නවා මේ ප්රශ්නය වෙන පැත්තකින් යන බව. අදෘශ්‍යමාන හස්තයන් ගොඩක් ක්‍රියාත්මක වෙනවා. පෞද්ගලික පලිගැනීම්, දේශපාලන පලිගැනීම්, වෘත්තීය පලිගැනීම්, ආගමික පලිගැනීම් යන ගොඩක් දේවල් මේ ප්රශ්නය ඇතුලේ තියෙනවා.