
(ප්‍රදීප් කුමාර)
මුලතිව් උන්නප්පිලව් හරහා හමා ගිය දැඩි සුළං තත්වයක් හේතුවෙන් මාර්ගයේ ගමන් ගත් යතුරුපැදි දෙකක් මතට ගසක් කඩා වැටී එහි ගමන් ගත් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මුලතිව් පොලිසිය පවසයි.
මුලතිව් දිස්ත්‍රික්කයේ අන්නප්පිලව් ප්‍රදේශයට වර්ෂාවත් සමග දැඩි සුළං තත්වයක් ඇතිවී තිබේ. මේ හේතුවෙන් මාර්ගය අයිනේ වු ගසක් එක්වරම මාර්ගයේ ගමන් ගත් යතුරුපැදි ධාවකයන් දෙදෙනා මතට කඩා වැටී ඇති අතර, ඔවුන් එම අවස්ථාවේදී ඔවුන් මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මියගිය පුද්ගලයින් දෙදෙනාගේ මෘත දේහ මුලතිව් මාන්චෝලෙයි රෝහලේ තැම්පත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd