
(යොහාන් භාසුර)
වින්ඩ්ෆොස් සමාගමේ අනුබද්ධිත සමාගමක් වන හිරුරැස් පවර් සමාගම මන්නාරම ප්‍රදේශයේ ඉදි කළ මෙගාවොට් 15 ක සුළං බලාගාරය විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (6) විවෘත කළේය.
සුළං කුළුණු 6 ක් හරහා ජාතික පද්ධතියට මෙහි විදුලිය නිපදවන අතර එම සමාගම මගින් පසුගිය ආර්ථික අර්බුද සමය තුළදී මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කළේය.
දේශීය ඉංජිනේරුවන් සහ ශ්‍රමය මත මෙහි කටයුතු කෙටි කාලයකින් අවසන් කිරීමට හැකිවිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශීය ආයෝජකයින් උද්‍යෝගිමත් කළයුතු බවට මෙය අගනා සාධකයකි. හැකිතාක් මෙවැන්නන් ප්‍රවර්ධනය කළ යුතුයි. මහා පරිමාණ ආයෝජන සඳහාද දේශීය ආයෝජකයින් ඇතැයි සිතිය හැකිය...
මේ බලාගාර හරියට තිබෙනවා ඕස්ට්‍රේලියාවේ කිලෝමීටර් ගණන් එක දිගට
අවශ්‍ය කරන සම්පත් අප සතුබව පෙනේ. ඔවුන් දිරිගැන්වීම රජයේ වගකීම නමුත් එය එසේ සිදු නොවීමට හේතු කවරේද?