IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සුළි කුණාටුවක් ගැන අනතුරු අඟවයි

ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

මේ හේතුවෙන් ඉදිරි දින කිහිපයේ දී  මෙම පද්දතිය අඩු පීඩන කලාපයක් දක්වාත් පසුව සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

උතුරු අක්ෂාංශ 5ත්  10ත් නැගෙනහිර දේශංශ 90 සහ 100ත් අතර මුහුදු ප්‍රදේශවල  සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40 -50 පමණ වන අතර විටින් විට එය පැයට කිලෝ මීටර් 60 දක්වා ඉහළ යනු ඇති.

උතුරු අක්ෂාංශ 01ත් 04ත් සහ නැගෙනහිර දේශංශ 85 සහ 92 ත් අතර පවතින සුළං අභිසාරි කලාපය හේතුවෙන් මෙම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 50 - 60 පමණ වන අතර විටින් විට එය පැයට කිලෝමීටර් 70ව දක්වා වැඩි විය හැකි බව ද අනතුරු අඟවයි

ඉහත කී ප්‍රදේශවල මුහුද ඉතා රළු වන අතර තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

උතුරු අක්ෂාංශ 5ත් 10ත් නැගෙනහිර දේශාංශ 90 සහ 100 අතර සහ උතුරු අංකෂාංශ 01ත 04ත් නැගෙනහිර දේශාංශ 85 සහ 92 ත් අතර මුහුදු ප්‍රදේශවලට ඉදිරි කාලයේ  යාත්‍රා නොකරන ලෙස නාවික ප්‍රජාවට සහ ධීවරයනට දැනුම් දෙයි.

දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස දන්වා සිටියි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවදානය යොමු කරන ලෙස ද ධිවරයන්ගෙන් සහා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.



අදහස් (0)

සුළි කුණාටුවක් ගැන අනතුරු අඟවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 509 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site