
සිංහල සිනමාවේ රැජින ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම සිය දිවි ගමන නිමා කළාය. මිය යනවිට ඇය 78 වැනි වියෙහි පසුවූවාය.
කලක් තිස්සේ දැඩි රෝගාතුරව සිටි මාලනී ෆොන්සේකා මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අදඅලුයම අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීහු සනාථ කළහ.
කැලණිය ප්‍රදේශයේදී වන්නි ආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා නමින් 1947 අප්‍රේල් මස 30 වැනි දා උපත ලැබූවාය.
වේදිකා නාට්‍ය හරහා රංගනයට පිවිසි මාලනී ෆොන්සේකා මහත්මිය, පුංචි බාබා චිත්‍රපටයෙන් සිනමාවට 1968 වසරේදී පිවියාය.
නිධානය, බඹරු ඇවිත්, වෑකන්දේ වලව්ව, ආරාධනා, අම්මාවරුනේ වැනි විත්‍රපට මාලනී ෆොන්සේකා මහත්මියගේ රංගන කුසලතාව ප්‍රකට කළ විශිෂ්ඨ නිර්මාණ ලෙස සනිටුහන් වේ.
2010 වසරේදී මහින්ද රාජපක්ෂ රජයේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස දේශපාලනයට ද පිවිසි ඇය 2015 වසර වන තෙක් පාර්ලිමේන්තුව නියෝජනය කළාය.
2025 නොවැම්බර් මස 04
651
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2326
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිංහල සිනමාවේ නිළි රැජින දිවිසැරිය නිමවයි
ගුණරත්න Saturday, 24 May 2025 07:31 AM
නිවන්සුව අත්වේවා!!!
Jagath Leanage Saturday, 24 May 2025 08:26 AM
ලංකාවේ මෙතෙක් බිහිවූ දක්ෂතම සහ හොඳම නිළියයි. අප ඇයට නිවන් සුව පතමු.
fairoosmr Saturday, 24 May 2025 12:28 PM
සමාදානයේ සැතපේවා...!
Ruwan Saturday, 24 May 2025 01:23 PM
නිවන් සුව ලැබේවා...!
පිටරැටියා Saturday, 24 May 2025 03:50 PM
අපි අහපු කණගාටුදායක ආරන්චියක්.. එතුමියට අමා මහ නිවන් සුව අත්වේවා...!