IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සහල් සත්ව ආහාර වලට නොදෙන්න නියෝග

(අංජුල මහික වීරරත්න)

2023 යල කන්නයේ වී අස්වනු ලැබෙන තෙක් සත්ව ආහාර සඳහා දැනට පවතින සහල් තොග නොදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

2021 මහ කන්නයේ  රසායනික පොහොර තහනමත් සමග මෙරට බඩ ඉරිඟු වගාවේ අස්වැන්න මෙට්‍රික් ටොන් 90,000ක් දක්වා අඩුවීම නිසා 2022 වර්ෂයේ දී සත්ව ආහාර සඳහා අවශ්‍ය බඩ ඉරිඟු විශාල හිඟයක් ඇති විය.

කෙසේ වුවද දැනට පවතින බඩඉරිඟු ප්‍රමාණය අනුව සත්ව ආහාර සැකසීම සඳහා තවත් බඩ  ඉරිඟු  මෙට්‍රික් ටොන් 217,633ක් අවශ්‍යව තිබෙන බවත් මෙම අඩුව පිරවීම සඳහා සහල් යොදා ගැනීමේ හැකියාවක් ඇතත් යල කන්නයේ අස්වනු නෙලා ගන්නා තෙක් පවතින සහල් හා වී තොග සත්ව ආහාර සඳහා යොදා නොගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුම් දුන්නේය.‍ේ‍

2022 වසර ඇතුලත මෙරටට බඩඉරිඟු  මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් ආනයනය කළේය. 

2023 ජනවාරි සිට අප්‍රේල් මස දක්වා මෙරටට බඩඉරිඟු මෙට්‍රික් ටොන් 27,867ක් ආනයනය කර ඇති අතර පසුගිය මහ කන්නයේ දී මෙට්‍රික්  ටොන් 187,000ක අස්වැන්නක් ලැබී තිබේ.

ෙමෙවර යල කන්නයේ දී මෙට්‍රික් ටොන් 67,000ක බඩ ඉරිඟු  අස්වැන්නක් අපේක්ෂිත අතර 2023 වර්ෂය සඳහා සමස්ත බඩඉරිගු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ 05කි.



අදහස් (0)

සහල් සත්ව ආහාර වලට නොදෙන්න නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 520 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site