
(රංජන් කස්තුරි)
යුක්තිය මෙහෙයුම යටතේ මෝදක සහ කාමේෂ්වරී යන ඖෂධ අත්අඩංගුවට ගැනීම ආයුර්වේදයට කරන අයුක්තියකැයි ආයුර්වේද වෛද්‍ය සභාවේ හිටපු ලේඛකාධිකාරී වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා මහතා පැවසීය.
ආයුර්වේද පනත තුළ නීතිගත කර තිබෙන ඖෂධ වර්ග මත්ද්‍රව්‍ය සේ සේ සැලකීම සිය වෘත්තිය ගෞරවයට කරන හානියකැයි ද කොළඹදී පැවතිි ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වෛද්‍ය පෙරේරා මහතා කීවේය.
ආයුර්වේද පනත මගින් නීතිගත කර තිබෙන ඖෂධ වර්ග මත්ද්‍රව්‍ය සේ සලකා අත්අඩංගුවට ගැනීම සිය වෘත්තිය ගෞරවයට කරන හානියකැයි ද කොළඹදී ඉකුත්දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වෛද්‍ය පෙරේරා මහතා කීවේය.
දේශීය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ කංසා වල විස හරණය කර ඖෂධ සඳහා යොදා ගන්නා අතර ඖෂධ වට්ටෝරුවක භාවිතා වන ඖෂධ රැසක් අතුරින් එය එකක් පමණකැයිද වෛද්‍ය පෙරේරා මහතා සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වූ එක්සත් වෛද්‍ය පෙරමුණේ සභාපති වෛද්‍ය වෝෂින්ටන් නානායක්කාර මහතා සඳහන් කළේ දේශීය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ කංසා භාවිතා කර නිපදවනු ලබන ඖෂධ වර්ග රැසක් තිබෙන බවය.
මෙම ආයුර්වේද ඖෂධ මත්ද්‍රව්‍ය සේ සැලකීම ආයුර්වේද වෛද්‍යවරුන්ට කරන දැඩි හානියක් බවද ඔහු සඳහන් කළේය.
ජාතික වෛද්‍ය පදනමේ ලේකම් වෛද්‍ය ශ්‍රීනාත් පරණ යාපා සහ ආයුර්වේද වෛද්‍ය නිමල් වර්ණ සූරිය යන මහත්වරුද එහිදී අදහස් දැක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයුර්වේද කසාය හොර වෙද්දු... මොවුන්ගේ අදායම ඔය නීති විරෝධී කාලකන්නි වැඩ තමයි...
කංසාවල විෂ හරණය කරන ආකාරය සඳහන් කරන්න. විෂහරණය කරන්න කංසා ගිතෙල් වලින් බැදගෙන එම ගිතෙල් පෙර ඉවත්කර ඉතිරි වන කංසා පමණක් යොදාගත යුතුයි. ඒත් ඔබලා විසින් කරන්නේ එම ගිතෙල් ද සමග කංසා ඖෂධය නිපදවීම සඳහා යොදා ගැනීමයි. එවිට විෂ ටිකත් එයටම එකතු වේ. එවිට කංසාවල විෂ සහිත ද්‍රව වන THC රසායනිකය සහිතව ඖෂධය නිපදවේ. එවිට ඖෂධයක් වශයෙන් ඔබ ඔය කියන මෝදකය සහ කාමේෂ්වරී රසායනය අන්ත්‍රාදියක ඖෂධ ආඥා පනත යටතට ගැනෙන ද්‍රව්‍යයක් පමණක් නොවෙයි මාදක හා මනෝවර්ථක පනත යටතේත් ක්‍රියා කළහැකි තහනම් ද්‍රව්‍යයක් බවට පත්වෙනවා නේද?
අනේ මන්දා, බෙහෙත් වර්ග පවා මත්ද්‍රව්‍ය ලෙස ගන්න තැනත්තා ළඟදී ඒක බෙහෙතක් වෙන්නේ කොහොමද? අල්ලන ඒවා ආයුර්වේද දෙපාර්තමේන්තුවට ගත්තා නම් හරිනේ...!