(යොහාන් භාසුර)
ආනයනික සහල් සහ ලොකු ලූණු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (27) සිට පහළ දැමීමට රජය පියවර ගෙන තිබේ.
ඒ අනුව ආනයනික සහල් කිලෝවක් සඳහා පනවා ඇති රුපියල් 65 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (27) සිට අප්‍රේල් මස 3 වැනිදා දක්වා රුපියලක් දක්වා ද, ආනයනික ලොකු ලූණු කිලෝවක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අප්‍රේල් මස 30 දක්වා රුපියල් 10 ක් දක්වා ද, අඩු කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි.
එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාවට පහසු මිලට සහල් සහ ලූණු මිලදී ගැනීමේ අවස්ථාව දීමට සහ එම ඵම භාණ්ඩ හිඟයකින් තොරව වෙළෙඳපොල තුළ පවත්වා ගැනීම මෙම බදු අඩු කිරීම තුළින් බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට පස්සේ වැඩි කරනවා
කැලිෆෝනියාවේ සියලුම නොපිසූ ආහාර ද්‍රව්‍ය සඳහා වැට් බද්දක් නොමැත.
බලාගෙන එමු මෙන්න කියලා කඩේ ගණන් අඩු වෙයි