(අංජුල මහික වීරරත්න)
මෙරට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ හතක අතිරික්තයක් පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
දැනට පවතින සහල් සහ වී තොග පිළිබඳව සමාලෝචනයක් සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයා කළ කරුණු විමසීමකදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේය.
එහිදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙන්වා දුන් පරිදි පසුගිය මහ කන්නයේ කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 08ක වී වගා කර තිබෙන අතර මෙවර යල කන්නයේදී කුඹුරු හෙක්ටයාර් පන්ලක්ෂ තුන්දහසක් වගා කර තිබෙන බවයි.
ඒ අනුව කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 13ක වී වගා කර තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
මෙට්‍රික් ටොන් 3.5 සිට 5 දක්වා වී අස්වැන්නක් හෙක්ටයාර් එකකින් ලබා ගෙන ඇති අතර දිස්ත්‍රික්ක කිහිපයක මෙට්‍රික් ටොන් 7 සිට 11 දක්වා වු අස්වැන්නක් ද ලබා ගෙන තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.
පසුගිය මහ කන්නයේ හා මෙවර යල කන්නයේ සමස්ත වී අස්වනු ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 52ක් වන අතර ඉන් නිෂ්පාදනය කළ හැකි සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 31ක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
මෙරට මාසික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ 02ක් වන අතර වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ 24ක් බවත් ඒ අනුව ගත් කළ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 07ක අතිරික්තයක් රටේ පවතින බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහල් අපනයනයට යොමුවිය යුතුයි . තව තවත් නිෂ්පාදනය වැඩිකර ගොවියාටද පාරිභෝගිකයද වාසි ලැබෙන කාලයක් රටට උදාවේවා !
තොපේ කලිසම් පල්ලෙද අතිරික්තේ මිනිසුන් කන්න නැතුව හිඟා කනවා .බෙදලා දීපියව් හෙටම
ආනයනයට වඩා බලන්න ඕනේ සහල් ස්ටොක් කරලා හිඟයක් වෙනකොට දෙන්න
සහල් මිල එන්න එන්නම වැඩි වෙනවා. අතිරික්තයක් රටේ තියෙනවානම් එහෙම වෙන්නේ නෑ. බොරු බයිලා. ඔය මොන රටේ වී නිෂ්පාදනය ගැනද දන්නේ නෑ කියලා තියෙන්නේ? විරුවාගේ කාලෙත් වැදගත් මහත්මයෙක් කයිවාරු ගැහුවා අතන කොච්චරක් තියෙනවාද මෙතන කොච්චරක්ද තියෙන්නේ කියලා අපි දන්නවා කියලා අන්තිමට හාල් ඒ දවස්වල කඩවලත් හිඟ වුණා. ඒ මහත්තයාගේ සායම ඉවරයි. මේ රටේ රාජ්‍ය ආයතන ඔක්කොටම දේශපාලන අධිකාරිය ඇඟිලි ගහනවා. දේශපාලන අධිකාරිය කියන විදිහට බොරු රිපෝට් හදනවා. ඔය රිපෝට් එකත් ඒ වගේ ටොම් පචයක්.