
( මහින්ද නිශ්ශංක )
සහල් හිගයට කඩිනම් විසඳුමක් ලෙස පිටකොටුව ආනයනකරුවෝ සහල් මෙට්‍රික් ටොන් 25000 ත් 30000 ක් අතර ප්‍රමාණයක් ඉන්දියාවෙන් ඇණවුම් කර ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ආනයනයකරුවන්ගේ සංගමය පවසයි.
රජය පෞද්ගලික අංශයටත් සහල් ආනයනය කිරීමට අවසර ලබාදීම අනුව මෙම සහල් තොග ආනයනය කර තිබේ.
සහල් ආනයනය කිරීමට අවසර ලබා දී ඇති දෙසැම්බර් 31 දක්වා කාලය ප්‍රමාණවත් නොමැති හේතුවෙන් තමන්ට සහල් ගෙන්වීමට හැකි වනුයේ සුළු ප්‍රමාණයක් බවත් ආනයනකරුවෝ පවසති.
නාඩු, කැකුළු හා සම්බා සහල් මෙසේ ආනයන කරන බවත් ඔවුහු සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් කියන විදියට වී අතිරික්තයක් තියෙනව නම් මේ හිඟය උනේ සැඟවීම නිසාද? නැත්නම් එම ඉලක්කම් ව්‍යාජ ඒවාද? ලබන වසරෙ මෙහෙම වෙන්න බැරි බවරජය දැනගත යුතුයි.
ආණ්ඩුවේ ගැසට් එකේ දෙසැම්බර් 31 නෙවෙයි එය දෙසැම්බර් 20 දා අවසන්
සංචාරක කර්මාන්තයට හැරෙන්නට ,එක හාල් ඇටයක් පිටරටින් ගෙන්වන්නේ නැහැ .අම්මපා .ඇත්තමයි කියන්නේ
මාලිමා ආණ්ඩුවටත් දැන් තමයි වැඩේ බරපතලකම හරියට තේරෙනවා ඇත්තේ... කිව්වා වගේ එක පෑන් පාරෙන් හාල් මෝල්ලු මට්ටු කරන්න බෑ...!