
(යොහාන් භාසුර)
සහල් තවදුරටත් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ඒ හේතුවෙන් සහල් ආනයනය කිරීමේ කාලය දීර්ඝ නොකරන බවත් වෙළඳ අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
වර්තමාන ආණ්ඩුව පසුගිය දෙසැම්බර් මස 4 වැනිදා ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට දුන් අවසරයත් සමග පෞද්ගලික අංශය සහල් මෙට්‍රික්ටොන් 150,000 කට අධික ප්‍රමාණයක් ආනයනය කර ඇති බව කී එම නිලධාරියා තවදුරටත් සහල් ආනයනය කළහොත් ගැටළුවක් මතුවිය හැකි බව ද සඳහන් කළේය.
ප්‍රදේශ කිහිපයක වී අසනු නෙළීම මේ වන විට ආරම්භ කර ඇති බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී සහල් පිළිබඳ ගැටලුවක් ඇති නොවනු ඇතැයි විශ්වාස කරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය.
ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට රජය දී තිබූ කාලය පසුගිය 10 වැනිදා අවසන් විය.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සහල් ආනයනය කිරීමේ කාලය දීර්ඝ නොවෙයි
එක පෑන් පාරෙන් මාලිමාවම ගොඩ Sunday, 12 January 2025 10:47 AM
ඔව් ඉතින් හාල් කිලෝ එකකින් රුපියල් 20 ගානේ කිලෝ 70000000 කින් ගහගත්තාම හොඳටම මදෑ. ඊළඟ ජනාධිපතිවරණෙයි, මහ මැතිවරණෙයි දෙකම දින 50න් ගොඩ දා ගත්තා. ටෙන්ඩර් 4ක් කැන්සල් කරලා. ඔන්න හොරු. ආවේ හොරු අල්ලන්න.