IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සහරාන්ගෙන් පුහුණුව ලැබූ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

 

(වසන්ත චන්ද්‍රපාල)
 
ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයින් ලෙස කටයුතු කළ ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ  සාමාජිකයින් දෙදෙනෙකු අම්පාර පොලිසිය අද(27) අත්අඩංගුවට ගෙන තිබේ.
 
රාජ්‍ය බුද්ධි අංශයේ අම්පාර කාර්යාලය  ලද තොරතුරු මත මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
 
මෙම දෙදෙනා   නුවරඑළිය සහ හම්බන්තොට කඳවුරුවල පුහුණු වී තිබෙන බව රාජ්‍ය බුද්ධි සේවාවේ නිලධාරීන් තහවුරු කරගෙන ඇත.
 
මුහම්මදු රයිසුද්දීන් අබ්දුර් රහාමාන් එක් සැකකරුවෙකු  වන අතර ඔහු වත්තේගෙදර පොල්ගොල්ල පදිංචිකරුවෙකි.මෙම පුද්ගලයා සහාරන් පැවැත්වූ නුවරඑළිය කඳවුරට සහභාගී වී ඇති අතර පුහුණුවෙන් පසු අබු අනස් යන අනුවර්ථ නාමය ලබා ඇත.
 
අනෙක් සැකකරු වන සෙයිනුල් ආබ්දීන් හප්සල් නමැත්තා කෝන්දෙණිය ගොඩ මාවනැල්ල පදිංචිකරුවෙකි. සහාරාන් විසින් පැවැත්වු හම්බන්තොට කඳවුරට සහාභාගී වී ඇති අතර පුහුණුවෙන් පසුව අබු රාවා  නැමැති අනුවර්ථ නාමය ලබා තිබේ.
 
අම්පාර රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ගේ තොරතුරු අනුව මේ වෙනවිට 17 දෙනෙකු අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.




අදහස් (6)

සහරාන්ගෙන් පුහුණුව ලැබූ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

ගල්කටස් Tuesday, 27 August 2019 09:41 AM

තව ඉන්වද .....?

:       0       2

Nuwan Tuesday, 27 August 2019 11:25 AM

ත්‍රස්තවාදී පුහුණුව ලැබූ ත්‍රස්තයන් මාංචු නොදා අත්අඩංගුවට ගන්නා ලෝකෙන් එකම රට ලංකාව වීම ආඩම්බරයක්!

:       2       10

hira Tuesday, 27 August 2019 11:42 AM

සීයට අනු නවයක් ඉවරකලා කියලා අපේ අගමැතිතුමා ප්‍රහාරයෙන් මාසෙකට පස්සේ වගේ කීවා මට මතකයි. ඒ වුනාට තාමත් කට්ටිය මාට්ටු වෙනවනේ අප්පා.

:       0       4

ruchi Tuesday, 27 August 2019 11:48 AM

මුණ පෙන්නන්න ඕන ලෝකෙටම.

:       0       3

sam Wednesday, 28 August 2019 08:37 AM

පොඩි දේකටත් අපිට ගහන්න එන පොලිස්. ගරුසරු ඇතුව ත්‍රස්තයන් අරන් යනවා.

:       0       4

dilshan Thursday, 29 August 2019 05:35 AM

අගමැති මෙයාලව සතියෙන් නිදහස් කරයි..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 718 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17957 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 769 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site