(මඩකලපුව සමූහ වාර්තාකරු - ටී. එල් ජව්ෆර්කාන්)
කොළඹ බන්ධනාගාරයේදී කාත්තාන්කුඩිහි තරුණයකු ජිවිතක්ෂයට පත්වි ඇති බවට කාත්තාන්කුඩි පොලිසිය විසින් දැනුම් දී තිබේ.
කාත්තාන්කුඩි 1 හි නූර් මුහම්මද් පටුමගෙහි ජෙයිනුලාබ්දීන් මුහම්මද් ජෙසීල් (18) මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.
පසුගිය අප්‍රේල් 21 පාස්කු ඉරුදින සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් පසු සහරාන් කණ්ඩායමේ සැකකරුවෙකු ලෙස මෙම තරුණයා අත්අඩංගුවට ගෙන කොළඹ රඳවා තිබුණි.
මොහු ජීවිතක්ෂයට පත්වු බවට කාත්තාන්කුඩි පොලිසිය මගින් අදාල තරුණයාගේ නිවසට දැනුම් දී ඇත.
මොහුගේ සොහොයුරාද සැකකරු ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහලා මරන්න ඇති...
තවත් ස්විස් නාටකයක් බැලිය හැකියි.
සාක්ෂි සැගවීමක්වත්ද?
මෙම සිද්ධිය ගැන වහා සොයා බැලිය යුතුය. නව රහස් පොලිස්කාරයන් රට විශාල අනතුරකට හෙලීමට උත්සාහ දරන බව පෙනේ. විපක්ෂය වහාම මැදිහත් විය යුතුය.
ලොක්කෙක් ගැන හෙලිදරව් කරන්න ඇති. දැන් ඉතින් ඒ සාක්ෂියත් ඉවරනේ.
අල්ලා දෙවියන්ගෙන් දඬුවම් ලැබේවි...!!!
විධිමත් විමර්ශණයක් වහාම අවශ්‍යයි.