(විනීතා ගමගේ)

සිංහරාජ වනාන්තරය මැදින් පාරක් කැපීම පිළිබඳව පවතින අර්බුද සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (29 වැනිදා) උදෑසන සිංහරාජ වනාන්තරය ආසන්නයේ පිහිටි ලංකාගම බලා ගොස් තිබේ.

මෙම මාර්ගය නෙළුව සිට ලංකාගම දක්වා ඉදිකෙරෙමින් පවතින බව කියැවේ.

මෙම මාර්ගය ඉදිරිකිරීම සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ගෙන් සවිස්තර වාර්තාවක්ද ජනාධිපතිවරයා ඉල්ලා ඇත.