
(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )
දැනට වසරක පමණ කාලයක සිට සිංහරාජය වනාන්තරය ආශ්‍රිතව ජීවත්වන අලීන් දෙදෙනාගෙන් දැනට නිරීක්ෂණය වන්නේ එක අලියකු පමණක් බව සිංහරාජ වන ජීවී කාර්‍යාලයේ වනජීවී නිලධාරී සරත් විජේතුංග මහතා ප්‍රකාශ කළේය .
ඒ මහතා එලෙස ප්‍රකාශ කලේ කලවාන සම්බන්ධිකරන රැස්වීම අමතා කතා කරමිනි. එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් සිංහරාජ වනජීවී නිලධාරී සරත් විජේතුංග මහතා ප්‍රකාශ කළේ " පසුගිය වසරක පමණ කාලයක් තුළ අපට නිරීක්ෂණය වන්නේ සිංහරාජ වනාන්තරයේ වෙසෙන සද්දන්ත ඇත් පරපුරේ එක හස්තියෙක් පමණයි . කරපටි පැළදි වන අලියා පමණක් දක්නනට ලැබෙනවා. අනෙක් අලියා අපට හෝ ප්‍රදේශවාසින්ට දිගු කාලයක සිට දක්නනට ලැබිලා නැහැ . සිංහරාජය වනාන්තරය තුළ ජීවත්ව සිටි අලි දෙදෙනා මෙම අලි දෙදෙනායි . මේ වන විට අපට දක්නනට ලැබෙන කරපටි පැළදි අලියා මද කිපුණු ස්වභාවයක් පෙන්නුම් කරන අතර සිංහරාජ ආශ්‍රිත ග්‍රාම සීමාවල දක්නට ලැබෙනවා .සිංහරාජ වන අලි මේ ප්‍රදේශයේ සිට ගාල්ලේ දෙනියාය, නෙළුව ප්‍රදේශය දක්වා සැරිසරනවා. කලකට පෙර සිංහරාජ ලදු කැලෑ හා පරිවාර වන ලැහැබ වල හස්තියෙන් තිදෙනෙකු දක්නට ලැබුණත් දැනට දර්ශනය වන්නේ එක් හස්තියෙක් පමණයි . දැනට අතුරුදහන්ව පවතින අලියා පිළිබඳව . කෝපි කෑල්ල වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් සෝදිසියෙන් සිටිනවා. යැයි විජේතුංග මහතා ප්‍රකාශ කළේය .
කලවාන සම්බන්ධිකරනය කමිටු රැස්වීම පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ සහා කලවාන ප්‍රාදේශීය ලේකම් ආර්.එච්.බී චමිල කුමාර මහාතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නන්නත්තාර වෙලා සමහරවිට දේශපාලුවෙකුගේ ගෙදරට යන්න ඇති...
මුළු වනාන්තරයට ම හිටියේ 3න් දෙනා නම් (මොවුන් හිටියෙ සිංහරාජ වනාන්තරයේ පමණකි), කරපටි 3 ක් වත් දාලා පරිස්සම් කරගන්න බැරි වනජීවීයක්, නිලධාරීන් සහ ඇමති තනතුරක් රටට මොකටද. දැන් ඇමතිනිය වනයට අරිනවද කරපටි පැළදි මද කිපුණු අලියාගෙන් අලි පරපුර බෝ කරන්නද , උත්සව, සන්දර්ශන සහ ජනරජ පෙරහැරවල්, ලෝකෙට නැව් අරින්න, ගාසා වලට ඩොලර් ආධාර දෙන්නනම් ඇති පදම් මුදල් තියෙනවා.
බලන්නකෝ මුලින්ම සිංහරාජයේ අලි එලවන්න කටයුතු කළේ කවුද කියලා. ඒ විස්තර ප්‍රදේශීය සභාවේ වාර්තා වෙලා ඇති. එහෙම නැත්නම් ප්‍රදේශයේ සම්බන්ධීකරණ කමිටුවේ වාර්තා බලන්න. එහෙමත් නැත්නම් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ වාර්තා අනුව කවුද අලි එලවන්න දැගලුවේ කියලා පෙනේවි.
සමහරවිට මැදමූලනේට ගියාද කියලා කවුද දන්නේ?
වනජීවි එකට බැරිද ගම්වලට ගොස් විනාශ කිරීම කරන අලි ඇතුන් කීප දෙනෙක් සිංහරාජයට මුදාහරින්න බැරිද?