(යොහාන් භාසුර)
වර්තමාන ආණ්ඩුවේ වැඩපිළිවෙළ ඉදිරියටගෙන යෑමෙන් රටේ හෙට දවසට යපතක් නොවන්නාක් මෙන්ම එම වැඩපිළිවෙළින් රට අර්බුදයේ අගාදයට ගමන් කරන බවත් ඒ හේතුවෙන් ආණ්ඩුවේ දේශපාලන වැඩපිළිවෙළට එකතු වීමට සිහිනෙන්වත් අදහසක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (8) පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා නාවල පිහිටි නිදහස ජනතා සභා ප්‍රධාන කාර්යාලයේදී අද (8) පැවැති මාධ්‍ය හමුවෙව්දී එසේ පැවසීය.
ආණ්ඩුවේ වැඩපිළිවෙලට විකල්පයක් වන වැඩපිළිවෙළක් වෙනුවෙන් පමණක් නිදහස ජනතා සභා එකතු වන බව ද ඒ මහතා සඳහන් කළේය.
ජනාධිපතිවරයාගේ කථාව සහ ක්‍රියාව අතර වෙනසක් ඇති බව කී ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ වර්තමාන ආණ්ඩුවේ වැඩපිලිවෙළ ඉදිරියට ගියහොත් ‘ස්පා’වලට යන තරුණියන් සහ ත්‍රීිවිල්වලට යන තරුණයන් පමණක් මෙරට ඉතිරිව හැකියාවක් ඇති සියලුම දෙනා රට හැරයෑම නතර කළ නොහැකි බවත්ය.
ආණ්ඩුව නිදහස් සෞඛ්‍ය ආදාහනාගාරයට යවා, නිදහස් අධ්‍යාපනය අවසන් හෝරාය දක්වා ගෙන ඇති බවත් අහිංසක දරුවන්ගේ පොත්වලටත් වැට් ගසා ගෝත්‍රික රටක් ලෙස දැනුමට වැට් ගහපු රටක් කළ සුළු පියෙක් රට පාලනය කරන බවත් ඒ මහතා කීය.
නවවැනි පාර්ලිමේන්තුවේ 5 වැනි සැසිවාරය ආරම්භ කළ බවත් සැසිවාර කල්දැමීම සහ ප්‍රතිපත්ති ප්‍රකාශණ ඉදිරිපත් කිරීම විලාසිතාවක් වීමෙන්ම වසර හතරක් තුළ පස්වතාවක් සැසිවාර කල්දැමීම ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට නිරෝගීව බලපෑමක් නොදන්වන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිහිනෙන්, සිහිනෙන්..., මා හඬවනවා... මා හඬවනවා... සැබෑ ලොවේදී ඔබ මා.. නෑ හමුවෙලා.. නෑ හමුවෙලා...
රාජපක්ෂලා හැම ආණ්ඩුවේම හිටියා. හැම පනතකටම අත ඉස්සුවා. ඔවුන් කරපු කිසිම වැරැදි දෙයකට විරුද්ධ වුනේ නැහැ. ඉතින් ඔහේ කරේ අවස්ථාවාදී දේශපාලනයක් නෙවෙයි කියල පිළිගන්න තරම් ගොන්නු මේ රටේ තවත් නැහැ. කොහොමත් ඔහේ ඊළඟ ඡන්දෙන් පස්සේ ගෙදර...
මහින්දයා බලයට ගේන්න ඔබතුමා මහින්ද චින්තනය 1,2 කියලා මහන්සියෙන් ලියපු බේගල් වට්ටෝරුවලින් වැඩක් වුනෙත් නැහැනේ.. දුන්නු ඇමැතිකමත් වැඩක්ම නැහැ. අන්තිමට අහක හිටපු පවුලේ අයව කිට්ටු කරගත්තු එකනේ සිද්ද වුනේ.. සාටකයින් කියන්නේ ගුණමකුවෝ කියලා තේරෙනවා ඇති...
ඔයැයිට ආසන්නම පාර්ලිමේන්තු මැතිවරණය අවසානයේ පාර්ලිමේන්තුවේ අසුන් ගන්න වෙන්නෙත් හීනෙන්ම තමයි මහත්තයෝ
කොහොමත් රට බංකොලොත් වෙනකල් ඔබ හිටියේ එයට වගකිව යුන්තන්ගේ ඔඩොක්කුවේ නිදාගෙන . තවමත් ඔබ ඇහැරිලා නැහැ වගේ . ඔබ නිදන්න ....ඔබ නිදනන්න සුවෙන් සැතපිලා .......