(අංජුල මහික වීරරත්න)
සහනාධාරයට නම දාගෙන මාස හයකට අවුරුද්දකට පසු ඒ මුදල් පොලියට දෙන පිරිසකුත් ඉන්න බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
සමෘද්ධි සහනාධාර ක්‍රමයේ විවිධ ප්‍රශ්න තිබූ බව හැමදෙනාම දන්නා බව කී රත්නප්‍රිය මහතා ලක්ෂ දාහතක පිරිසක් සමෘද්ධි සහනාධාරය ලැබු අතර ඒ අතර සමෘද්ධි සහනාධාරය නොලැබිය යුතු පිරිසක් සිටින බවද සඳහන් කළේය.
පසුගිය වසරේ ඇති වූ ආර්ථික අර්බුදය සමඟ දුප්පත් බවට පත්වූ ප්‍රතිශතය ඉහල ගිය බවද ලක්ෂ පහකට වැඩි පිරිසකගේ රැකියා අහිමි වූ අතර ඒ පිරිස එම තත්ත්වයෙන් මුදවා ගැනීමට අස්වැසුම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කළ බව රත්නප්‍රිය මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව ඇත්ත... ත්‍රීවීලර් කුලියට දීම හා මුදල් පොලියට දෙන මිනිහාගේ බිරිඳ ගාර්මන්ට් ෆැක්ටරියේ රැකියාවක් කරනවා. එක් න්‍යෂ්ටික පවුලක අවිවාහක පුතා ඉංජිනේරු දෙවැනියා උසස් රැකියාවක් ගෘහ මූලික ගරාජයක් හිමියෙක්, තවත් පවුලක තේ හා රබර් වලින් මාසෙකට රුපියල් ලක්ෂ ගණනක් ගන්නවා... ඒ දැනට අස්වැන්න දීමට අනුමත ලැයිස්තුවේ පොහොට්ටු සාමාජිකයින් කීපදෙනෙක් මේවා කියන්න පෝරම් පුරවන්න ඒකට වියදම් කරන්න කාටද පුළුවන්..? තමුන්නැහැ ගම්වල සාමාජිකයන් ඉන්නවා නම් ඔවුන්ට කියලා තොරතුරු අරගෙන මේ අසාධාරණ නවතන්න...!
රෝහලේ වැඩ කරන කාලේ ලෙඩෙකුගේ උණු වතුර බෝතලය හොරකම් කරපු අය තමයි...
නර්ස් මහත්තයාට විතරක් නෙවෙයි, මේ රටේ ඕනෑම පුරවැසියෙකුට බිස්නස් කරන්න අයිතියක් තියනවා. කොහොමත් ලංකාවේ ගොඩක් අයගේ බිස්නස් එක ජනතා මුදල් මංකොල්ල කන එක තමයි. එහෙම නැත්නම් ඉතින් මේ රටේ ඉඳගෙන ගොඩ ඒමක් නැහැ. "අපි ඔක්කොම රජ හොරු...තුන් සිංහලයම නෑදෑයෝ...."
වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් හහා ඔයාට පඩි ගෙවනවාද ඒ තනතුරට , එහෙම නැත්නම් අතිගරු ගෙවනවාද? ඔහේ ඒ තනතුරට අදාලව කරන සේවය මොකක්ද ? බදු සල්ලි වලින්ද පඩි ගන්නේ?
ආණ්ඩුවක් තියෙන්නේ එහෙම වංචනිකයින්ව අල්ලලා දඬුවම් දෙන්න .මාධ්‍යට ඇවිල්ලා කන් කෙඳිරිගාන්න පිනාධිපති උපදේශකලා පත්කරගෙන මහජන මුදලින් පඩි නඩි ගෙවන්නේ
ඔව්. එ වගෙම පිරිමි වගෙ ඉඳගෙන ඇඟ විකුනන අයත් ඉන්නව.
හරියටම හරි. ඒක තක්කඩියෙක් මට මතකයි දවසකට දෙකකට විතර ලැයිස්තුවෙන් දියවන්නාවේ ඇවිත් ටොප් කොලිටියේ ඩියුටි ෆ්‍රී වාහනයක් ගත්තනේ මතකද? පස්සේ විකුණා ගන්නත් ඇති පරම්පරා ගානකට ඇතිවෙන්න සල්ලි හොයා ගෙන. අන්න එකයි කියන්නේ කොහේ හිටියත් ඔය කපටි අවස්ථාවාදී තක්කඩියා කියන එකා පුළුවන් හැම තැනකදීම රිංගලා ගිහින් ගන්න පුළුවන් උපරිමයෙන් ගසා කනවා.