IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


සහනාධාරයට නම දාගෙන සල්ලි පොලියට දෙන පිරිසකුත් ඉන්නවා

(අංජුල මහික වීරරත්න)

සහනාධාරයට නම දාගෙන මාස හයකට අවුරුද්දකට පසු ඒ මුදල් පොලියට දෙන පිරිසකුත් ඉන්න බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

සමෘද්ධි සහනාධාර ක්‍රමයේ විවිධ ප්‍රශ්න තිබූ බව හැමදෙනාම දන්නා බව කී රත්නප්‍රිය මහතා ලක්ෂ දාහතක පිරිසක් සමෘද්ධි සහනාධාරය ලැබු අතර ඒ අතර සමෘද්ධි සහනාධාරය නොලැබිය යුතු පිරිසක් සිටින බවද සඳහන් කළේය.

පසුගිය වසරේ ඇති වූ ආර්ථික අර්බුදය සමඟ දුප්පත් බවට පත්වූ ප්‍රතිශතය ඉහල ගිය බවද ලක්ෂ පහකට වැඩි පිරිසකගේ රැකියා අහිමි වූ අතර ඒ පිරිස එම තත්ත්වයෙන් මුදවා ගැනීමට අස්වැසුම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කළ බව රත්නප්‍රිය මහතා කීය.

 



අදහස් (7)

සහනාධාරයට නම දාගෙන සල්ලි පොලියට දෙන පිරිසකුත් ඉන්නවා

ධර්මසේන ඒකනායක Wednesday, 28 June 2023 06:08 PM

කතාව ඇත්ත... ත්‍රීවීලර් කුලියට දීම හා මුදල් පොලියට දෙන මිනිහාගේ බිරිඳ ගාර්මන්ට් ෆැක්ටරියේ රැකියාවක් කරනවා. එක් න්‍යෂ්ටික පවුලක අවිවාහක පුතා ඉංජිනේරු දෙවැනියා උසස් රැකියාවක් ගෘහ මූලික ගරාජයක් හිමියෙක්, තවත් පවුලක තේ හා රබර් වලින් මාසෙකට රුපියල් ලක්ෂ ගණනක් ගන්නවා... ඒ දැනට අස්වැන්න දීමට අනුමත ලැයිස්තුවේ පොහොට්ටු සාමාජිකයින් කීපදෙනෙක් මේවා කියන්න පෝරම් පුරවන්න ඒකට වියදම් කරන්න කාටද පුළුවන්..? තමුන්නැහැ ගම්වල සාමාජිකයන් ඉන්නවා නම් ඔවුන්ට කියලා තොරතුරු අරගෙන මේ අසාධාරණ නවතන්න...!

:       0       2

Roshan Wednesday, 28 June 2023 06:17 PM

රෝහලේ වැඩ කරන කාලේ ලෙඩෙකුගේ උණු වතුර බෝතලය හොරකම් කරපු අය තමයි...

:       1       6

බද්රානි Wednesday, 28 June 2023 07:48 PM

නර්ස් මහත්තයාට විතරක් නෙවෙයි, මේ රටේ ඕනෑම පුරවැසියෙකුට බිස්නස් කරන්න අයිතියක් තියනවා. කොහොමත් ලංකාවේ ගොඩක් අයගේ බිස්නස් එක ජනතා මුදල් මංකොල්ල කන එක තමයි. එහෙම නැත්නම් ඉතින් මේ රටේ ඉඳගෙන ගොඩ ඒමක් නැහැ. "අපි ඔක්කොම රජ හොරු...තුන් සිංහලයම නෑදෑයෝ...."

:       1       5

සල්ලි Thursday, 29 June 2023 07:11 AM

වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් හහා ඔයාට පඩි ගෙවනවාද ඒ තනතුරට , එහෙම නැත්නම් අතිගරු ගෙවනවාද? ඔහේ ඒ තනතුරට අදාලව කරන සේවය මොකක්ද ? බදු සල්ලි වලින්ද පඩි ගන්නේ?

:       1       0

Perera Thursday, 29 June 2023 10:23 AM

ආණ්ඩුවක් තියෙන්නේ එහෙම වංචනිකයින්ව අල්ලලා දඬුවම් දෙන්න .මාධ්‍යට ඇවිල්ලා කන් කෙඳිරිගාන්න පිනාධිපති උපදේශකලා පත්කරගෙන මහජන මුදලින් පඩි නඩි ගෙවන්නේ

:       1       0

Rata Perata Thursday, 29 June 2023 12:00 PM

ඔව්. එ වගෙම පිරිමි වගෙ ඉඳගෙන ඇඟ විකුනන අයත් ඉන්නව.

:       0       0

චන්දිම ෆොන්සේකා Thursday, 29 June 2023 12:22 PM

හරියටම හරි. ඒක තක්කඩියෙක් මට මතකයි දවසකට දෙකකට විතර ලැයිස්තුවෙන් දියවන්නාවේ ඇවිත් ටොප් කොලිටියේ ඩියුටි ෆ්‍රී වාහනයක් ගත්තනේ මතකද? පස්සේ විකුණා ගන්නත් ඇති පරම්පරා ගානකට ඇතිවෙන්න සල්ලි හොයා ගෙන. අන්න එකයි කියන්නේ කොහේ හිටියත් ඔය කපටි අවස්ථාවාදී තක්කඩියා කියන එකා පුළුවන් හැම තැනකදීම රිංගලා ගිහින් ගන්න පුළුවන් උපරිමයෙන් ගසා කනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 613 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 755 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 318 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site