(රංජන් කස්තුරි)
ජනතාවට සුබසාධක සහනාධාර ප්‍රතිලාභ ගෙවීම සඳහා දීප ව්‍යාප්ත මට්ටමින් තොරතුරු රැස්කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කරන බව සුබ සධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී.විජයරත්න මහතා කොළඹ මුදල් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැසීය.
මේ වන විට සමෘද්ධි , වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු රෝගී ප්‍රතිලාභ ලබන්නන් මෙන්ම එම ආධාර අපෙක්ෂවෙන් පෙරොත්තු ලේඛනවල සිටින්නන්ද නියමිත දත්ත පත්‍රිකා සම්පූර්ණකර ග්‍රාම නිලධාරී මාර්ගයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාවලට බාරදිය යුතු බව ද විජයරත්න මහතා පවසයි.
තෝරාගන්නා ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනය ප්‍රදර්ශනය කරන අතර ජනතාවට අභියාචනාකිරීමට හෝ විරෝධතා දැක්වීමට එමගින් අවසථාව හිමිවන බව ද සභාපතිවරයා කීවේය.
විනිවිද භාවයකින් කටයුතු කර නියම සුදුස්සන්ට ප්‍රතිලාභ ලබාදීම සඳහා වන මෙම වැඩසටහන යටතේ ලබන ජනවාරි මාසයේදී පමණ සහනාධාර පිරිනමන බව ද විජයරත්න මහතා පැවිසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂ දේශපාලන සම්බන්ධතාවයන්, මැදිහත්වීම් මත නොව විනිවිද භාවයකින් කටයුතු කර මහජන මුදල් "නියම සුදුස්සන්ට" ප්‍රතිලාභ වශයෙන් ලබාදීම රාජ්‍ය සේවයේ වගකීමකි. සම්පූර්ණකර ලබදෙන්නාවූ නියමිත දත්ත පත්‍රිකා A computerized database analysis සඳහා තබාගැනීම කළයුතු වේ..
ජනතාවට සුබසාධක සහනාධාර ප්‍රතිලාභ ගෙවීම සඳහා දීප ව්‍යාප්ත මට්ටමින් තොරතුරු රැස්කිරීමේ ක්‍රියාවලිය ආරම්භයේ දීම ප්‍රතිලාභ ලබන්නන් මෙන්ම එම ආධාර අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනවල සිටින්නන්ද ප්‍රතිලාභ වලින් මිදීමට හෝ නොගැනීමට නම් ඔවුන්ට "රජයෙන් ඉටුවිය යුත්තේ කුමක්දැයි" කියා ඔවුන්ගේ අදහස්ද, තොරතුරු රැස්කිරීමේ ක්‍රියාවලිය අවස්ථාවේම ලබාගන්න. එම ලබගන්නා වූ අදහස් දත්ත අනාගතයේදී සහනාධාර ලබාදීමේදී විශ්ලේෂණ කර තීන්දු ගැනීමේදී ප්‍රයෝජනවත් වනු ඇත. තරුණ/වැඩිහිටි පුද්ගලයින් සිටියි නම් පුහුණුවකින් පසු විදේශ රැකියා සඳහා හෝ යොමුකරවීමට කටයුතු කළ යුතුවේ.