
(අංජුල මහික වීරරත්න)
ජනතා සහන දීමේ විප්ලවයක් අප ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කුලියාපිටියේ දී අද (10) පැවසීය.
බින්දුවට වැටුණු රට ගොඩ නැගීමට සහය දුන් එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම පොහොට්ටුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,සමගි ජන බලවෙිගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලුම පාක්ෂික ජනතාවට ස්තුති කරන බව කී ජනාධිපතිවරයා තමා කිසි විටෙක පටු දේශපාලනයට හිර නොවන බව අවධාරණය කළේය.
"සැබෑව" යන තේමාවෙන් සංවිධාන කෙරුණු මැතිවරණ සටන ඇරැඹීමේ මෙම ප්‍රථම මහජන රැළිය කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගනයේදී අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
කුලියාපිටිය ප්‍රමුඛ කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දහස් සංඛ්‍යාත ජනකායක් නගර සභා ක්‍රීඩාංගණයට රැස්ව සිටියහ.
එක්සත් ජාතික පක්ෂයේ උපනායක හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ජනරැළිය සංවිධාන කර තිබිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දන්නවා හලෝ ඔය විප්ලවේ කෙරනවා කියලා මේ අවුරුද්දේ... අපි වෙලාවට tax ගෙවලා තියෙන්නේ, ගෙදරින් ගෙනාවා කියලා සහන දෙන්න (හැබැයි මිනිස්සුන්ගේ ඡන්ද නම් ලක්ෂ ගණනින් ෂුවර් නෑ... දහස්ගනනින් තමයි ඉතිං - දැන් මිනිස්සු හරි වෙනස්)...
අම්මෝ බය හිතෙනවා අම්මාපල්ලා. ඒ කියන්නේ හාල් රු.100ට, පරිප්පු කිලෝව 150ට, පාන් රු 50ට, පෙට්‍රල් රු.120ට දෙයි නේද?, මගේ කාර් එකට රු.5000න් ෆුල් ටෑන්ක් ගහගෙන මම යනවා ඇවිදින්න එදාට... කිඹුලා බනිස් එහෙම රු.20ට විතර දෙයි නේද?
මේ සෙනග දැක්කාම දුකයි ඉතින්. ඒක මේ අමු ගවයින් කිසිම දෙයක් ඉගෙන ගන්නේ නෑ කියලා හිතුණාම නාමල්ගේ පුතාටත් ඡන්දෙ දෙන්න හිතෙනවා, ඔවුන් තමයි ගවයින්ට හොඳටම දෙන්නේ. ඔවුන්ට තව අවස්ථාවක් දුන්නොත් මේ අය ලෝකෙන්ම වඳවෙලා යනවා..!
ලොල්ලන්ට සහන වෙන්න ඇති
කෝ අර පුත්තලමේ හාදයා කියපු සජබය එනවා කිව්ව මන්ත්‍රීවරු...
රනිල් ජයගනිවි... ජනාධිපතිවරණය ඉක්මණින්ම තියන්න.
හත්වලාමේ... සකල සිරින් පිරි සිරි ලංකාවේ ආදර්ශමත් සම්පත...
මහබැංකුව කොල්ලකාපු සල්ලි වලින්ද සහන දෙන්නේ? හොරු 134 දෙනෙක්ගේ ඡන්දයෙන් පත්වුණු ලෝකයේ එකම ජනාධිපති...!!!
තවදුරටත් අපි රැවටෙන්නේ නැහැ ඔය සීනිබෝල කතන්දරවලට... අපි මාලිමාවට.
හොර නායකයා කොහෙත් කළු කන්නාඩියක් දානවාමයි. ළඟදීම ජම්පරයකුත් ඇඳගෙන කුඩුවේ එල්ලිලා ඉන්න ලැහැස්ති වුනොත් හොඳයි.
කෝ ෆොක්ස්වැගන්..?
ඔතැන හොරනායකයින් සමග ඉන්න බැංකුවලට පොලු තියපු ඔක්කෝම හිරේ යන්න ලැහැස්තිවෙලා ඉන්න...
පාසල් නොගිය, මෝඩ බයියන් තවමත් ශ්‍රී ලංකාවේ සිටින බව පැහැදිලියි.
ඔය ඉන්නේ ආණ්ඩුවේ ඉඩම් ඔප්පු ගත්ත පට්ට මෝඩයෝ වෙන්න ඇති. ඕවා බොරු ඔප්පු කියලා ඡන්දයෙන් පස්සේ පෙනේවි, ඇත්තටම ඔබලාට ලැජ්ජා නැතිද?
කෝ සාගල? කළු කන්නාඩි දාපු බැංකු හොරා සහ හොරු රැල, මේ කොහේද යන පිස්සු කට්ටියක්. එක ආසනයක්වත් ලැබෙන්නේ නැහැ කොළඹත් පරාදයි.
ජාතික ජනබලවේගයට ජයවේවා !!!
ගවයින් තණකොළ කන්න පටන් අරන්.. මෙහෙමත් මිනිස්සු..
සහන රෝල් කරලා ගහගනින්...
දීපුවා තාම තියෙනවා... දැම්ම එපා... පස්සේ බලමු.
සහන දෙනවාලු ? හාල් කිලෝ 20 ක් දෙනවාලු.මේ හාදයාගේ මාමා තමයි ජේ ආර් ජයවර්ධන කියන අපේ රට නැත්තටම නැතිකළ දේශ ද්‍රෝහියා.මිනිහාත් චන්දෙදි රටේ මිනිස්සුන්ට පොරොන්දුවුනා ඇට ජාති 8 ක් දෙනවා කියලා.මිනිහා බොරු කියලා චන්දෙ දිනුවා.මිනිස්සු බලාගෙන හිටියා නොමිලේ ඇට ජාති 8 ගන්න. බැරීම තැන මිනිස්සු ඒ ගැන ප්‍රශ්න කළා.එතකොට ඒ දුෂ්ට ද්‍රෝහියා " ඔව් මම පොරොන්දුවුනා ඇට ජාති 8 දෙනවා කියලා ,දැන් ඇට ජාති 15 ක් විතර තියෙනවා,නමුත් මම කිවේ නැහැ නොමිලේ දෙනවා කියලා " කියනවා. ඒ මාමා .දැන් බෑණා ..හෙවත් ෆොක්ස්වැගන්. මිනිහා එක සැරයක් කීවා ෆොක්ස්වැගන් කොම්පැනියේ ශාකාවක් ලංකාවට ගෙනෙනවා කියලා.අපේ මෝඩයොත් බලාගෙන හිටියා. දැන් නොමිලේ හාල් ....තව තව පොරොන්දු දෙයි..මෝඩයින් බලාගෙන ඉඳීවි . සමහර දියුණු රටවල තියෙනවා නීතියක්, යමෙක් චන්දයක් ලබාගැනීම සඳහා ජනතාවට බොරු පොරොන්දු දීම ඔප්පුවුනහොත් ඔහුගේ ' ජයග්‍රහණය ' අහිමි වෙනවා.මෙවැනි නීති අපේ රටේ සම්පාදනය නොකරන්නේ ,නීති සම්පාදනය කරන්නේ බොරුකාරයන් නිසාද ?නැතිනම් පට්ට හොරුන් නිසාද ?
දැනට 75 හැවිරිදි වියේ පසුවන බටලන්ද යක්ෂණිය අපායේ යනතුරු සිරගෙදර ජීවිතය ගෙවයි. චන්ද්‍රිකා පත්කළ ජනාධිපති කමිටුව මේ මිනිහාට කායික ප්‍රශ්න තියෙනවා කියලා තහවුරු කරලා තියෙනවා, හැමදාම බොරු කියනවා, බලන්න අනුර අරගලයට යන්න බෑ කියලා, පාර්ලිමේන්තුවේදී ඔහු ඇතුළු පිරිස කිව්වා ජවිපෙ අරගල කළා කියලා. ඔහු පාර්ලිමේන්තුවේදී පැවසුවේ අරුජන් මහේන්ද්‍ර මංගල්‍යයකට ගොස් නැවත පැමිණෙන බවත් ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ සම්පූර්ණ නම අසත්‍ය පුද්ගලයා මොහු බවයි.
කන්ඩ දෙනවානම් අපිට බොන්න දෙනවානම් අපිට මොන කෙන්ගෙඩියද තව ඕන කරන්නේ .පසුගිය සියවස් තුන්කාලක්ම සහන දීමේ ප්‍රතිපල භුක්ති විඳින ගමන් තවදුරටත් සහන දෙන්නේ ?
නවින් දිසානායකට කතවක් නොමැතිවීම නිසා ඔහු වේදිකාවෙන් පිටව ගොස් ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි. එසේ උවත් සමාජ මාධ්‍ය මේ පිලිබදව වාර්තා කර නොතිබිණි
මිනිසුන්ට පිනට දීලා ජනප්‍රිය දේශපාලනය කරපු අය හින්ද තමයි අද මේ රට බංකොලොත් උනේ කියල පලවෙනි අයවැයේ හරි සංවේදී කතාවක් කොරපු රනිල් හාමු දැන් එයාම තමයි මේ දේවල් හැමදාම කරේ කියල ඔප්පු කරන්න පටන් අරන්
කුලියාපිටියේ කට්ටිය ඔක්කොම එහෙ හදන ෆොක්ස්වැගන් කාර් වලින්ද ඇවිල්ලා තියෙන්නේ ?
එම රැලියට සහභාගි නොවීම සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව අයදින බවයි, ජනතව වෙනුවෙන් පෙනිසිටින්නේනම් පුද්ගල ගෞරවය ආරක්ෂා කරගැනීමට පිලිබදව ඔහුට අවබෝදයක් තිබ්බෙනම් කතවක් ලබාදුන්නද / නැතිද අවස්ථවට සහබගිවිම ඔහුගේ යුතු කමකි.මොහුට සජිත්ට මෙන් ඉවසීම පිලිබදව කිසිදු අවබෝදයක් නොමැත. මොවුන්ගේ එකම දේශපාලන අරමුණ තනතුරු සහ බලයට තන්හාව වේ. ඉවසීමක් බුද්දීමත්ව සිතීමට මේ දේශපාලන පුතුනට නොමැති බව ඔවුන්ගේ ක්‍රියාවෙන්ම පැහැදිලිවේ. පුජ්‍ය පක්ෂය හමු උවහොත් ඉවසීම කුමක්ද යන්න පැහැදිලි කර දෙනු ඇත. කථික ලැයිස්තුවෙන් තම නම නොමැතිවීම පිලිබදව ඔහු මෙතරම් කණගාටු වන්නේනම් මෙවැනි දේශපාලන ළදරුවන් සමාජ දේශපාලනයට සුදුසුද කියා පුරවැසියන් තේරුම් ගත යුතුවේ.
ලාංකික ජනතාවට සහන දීමේ විප්ලවයක් ආරම්භ කිරීමට පෙර පලස්තීනෙට ඩොලර් මිලියනයක සහනයක් දීල තිබුණ ලංකික ජනතාවගේ බදු මුදල් වලින් / අපේ එවන ඩොලර් වලින් ...
ඒ කියන විදියට නිකමුන් බෝවීම වර්ධනය කිරීම.....
ජාතියක් දෙපයින් නැගී සිටුවන්න කිසිම සැලැස්මක් නැති මනුස්සයෙක් .පිනට දිදී ඉන්න ඕන මිනිහෙක්ට පුළුවන් .අවුරුදු 40 ගානක් බලයේ ඉඳලා,ජනතාවට එපා වෙලා චන්දෙන් පරද්දපු මිනිහෙක් කියන කතා මේවා .ලොකුවට පත්තර වල දාන්න ඕනෙත් නෑ
ඔබ පොරොන්දු වුණු රාජ්‍ය සේවයේ වියදම් කපාහැර එම සේවා ප්‍රතිවියුහගත කර ජනතාවට කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබාදීම වැනි කිසිම දෙයක් ක්‍රියාත්මක කර නැහැ... රියදුරු බලපත්‍ර, විදේශ ගමන් බලපත්‍ර ලබාගන්න අපි තවමත් පෝලිම් වල දුක් විඳිනවා... සෞඛ්‍යය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිසිවක් නැහැ. පිනට කන්න අපට අවශ්‍ය නැහැ පින් ජනාධිපතිතුමනි, වහාම අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න නැතිනම් 3% ම තමයි...
සහන එපා, හිඟානොකා ජීවත්වෙන්න රටක් හදන්න.
ඔබලා ප්‍රකාශකරන පරිදි විශාල ජනප්‍රියතාවයක් තිබෙනවා.. එහෙම නම් ඔය කියන සහන ලබන මසේ මුල අලුත් අවුරුද්දට පෙර දීලා, අප්‍රේල් අන්තිම පළාත්පාලන, පළාත්සභා මැතිවරණ දෙක එකම දවසේ තියලා අගෝස්තු, සැප්තැම්බර් ජනාධිපතිවරණේ තියන්න. වජිර කියන ඡන්ද ලක්ෂ 100 තිබෙන නිසා බිය වෙන්න කිසිම කාරණයක් නැහැ..
සහන දෙන්නේ මෙයාගේ සාක්කුවෙන්ද? හාල් මල්ලක් පගාවට දීලා මිනිස්සු ගෙන්නගෙන පුරුදු සෝබනේ දානවා.. මිනිසුනි හාල්මල්ල ගන්න. හැබැයි ඒ මල්ලෙන් අවුරුදු පහක් කන්න බෑ කියලා තේරුම් ගන්න. රටම ප්‍රතික්ෂේප කරලා හොරු 134 ක් තෝරගත්තු ජනාධිපතියෙක් කියලා අමතක කරන්න එපා..!
එහෙනම් රත්තරන් චෙන් බ්‍රේස්ලට් වලින් පටන්ගමු නේද ලොක්කා?