(ටෝනි කරුණානායක)
සිය සහකාරියට වධහිංසන පැමිණුවැයි අත්අඩංගුවට ගත් රාජ්‍ය ආයතනයක සහකාර අධ්‍යක්ෂකවරයකු යැයි කියන සැකකරුව නව වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙසට ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් වසන්තා ගුණසේකර මහත්මිය නියෝග කළාය.
මේසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ චමින්ද කුරුප්පු නානායක්කාර නමැත්තෙකි. තුවාලකාරිය 40 හැවිරිදි කාන්තාවක් බව පොලිසිය කීය.
ඇය කොළඹ එක්තරා අධිකාරියක උසස් නිලයක් දරන බව අධිකරණයේදී සඳහන් විය. සැකකරු සහ තුවාලකාරිය නීත්‍යානුකූල විවාහක යුවලක් නොවන බවට මූලික පරීක්ෂණවලින් අණාවරණය පොලිසිය පවසයි.
සැකකරු සහ තුවාලකාරිය අතර ඇති වූ ආරවුලකදී සැකකරු රෙදි මදින ස්ත්‍රික්කයකින් කාන්තාව පුලුස්සා පහරදෙමින් වධහිංසා පමුණුවන අවස්ථාවේදී තුවාල කාරිය ජීවිතය බේරා ගැනීම සඳහා උඩුමහලින් බිමට පැන ඇති බවට කරුණු අනාවරණය වුවද තුවාලකාරිය උඩුමහලින් බිමට පැන්නේ ද ? නැතහොත් සැකකරු ඇයව උඩුමහලින් බිමට දැම්මේ ද? යන්න සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ සිදු කරන බව අධිකරණය හමුවේ අනාවරණය විය.
තුවාලකාරිය කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හෙයින් තුවාලකාරිය ගෙන් ප්‍රකාශ ලබාගෙන නොමැති බව පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් සදහන් කලේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විල්පත්තුවේ ඇතුලේ ජීප් පැදපු දේශපාලකයින්ගේ පුතුන්ගේ නම දාගන්න බැරිඋන වාර්තාකාරයෝ මේවායේ නම් නම් වාසකමත් එක්කම දානවා .ලැජ්ජයි .අපක්ෂපාතීව වාර්තා කරපල්ලා
පේනවා නේද ගෝත්‍රික රටක් සහ ශිෂ්ඨ සම්පන්න මිනිස්සු ඉන්න රටක වෙනස. ධනුශ්ක ගුණතිලක නම් මිනිහාට සහ මොවුන් මේ පුද්ගලයාට නීතිය ක්‍රියාත්මක කල ආකාරය දෙස බලන්න.