IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සිසුවියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා දෙන්න කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ලංකාවේ සමස්ත ශිෂ්‍ය ජනගහනය මිලියන හතරක් පමණ වන අතර වැඩිවියට පත් ශික්ෂාවන් මිලියන 1.2 ක් පමණ සිටින බව ගණනය කර ඇත.

එම ශිෂ්‍යාවන් අතුරින් අති දුෂ්කර පාසල් ,දුෂ්කර පාසල්, හුදෙකලා පාසල් ,වතු පාසල් හා දරිද්‍රතා සිසු සිදුවියන් සහිත නාගරික  පාසල්වල ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් 800000කට 2024 වර්ෂයේ අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි වාර්ෂිකව සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ



අදහස් (5)

සිසුවියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා දෙන්න කැබිනට් අනුමැතිය

අරවින්ද මොනරවිල Tuesday, 02 April 2024 09:49 AM

ඉදිරි ජනාධිපතිවරණය හා මහමැතිවරණය ඉලක්ක කරගෙන සනීපාරක්ෂක තුවාය පමණක් නොවෙයි යට ඇදුමත් නොමිලේ දෙන්න යෝජනා සමිමත කර ගනිවි. ඊට පස්සේ ඒවටත් එක්ක ආපහු ගෙවන්න වෙයි. ඒ නිසාම දැන් රටට අවශ්‍ය පිනට කන්න දෙන, නිකම් දෙන ආර්ථීක වැඩපිළිවෙළක් නොවෙයි රටේ නිශ්පාදන නන්වලා එකේ ප්‍රතිලාභ සාධාරණ ලෙස බෙදි යන සමාජ ආර්ථික හා දේශපාලන වැඩපිළිවෙළක් හා එවන් වැඩ පිලිවෙලකට නායකත්වය දිය හැකි ව්‍යාපාරයක් බලයට ගෙන ඒමය.

:       1       9

ආචාර්ය තිස්ස සේනානායක (PHD in Astrophysics) Tuesday, 02 April 2024 10:49 AM

මෙහෙම ගියොත් සජිත් ට අනුරට කරන්න මොනවාද ඉතුරු වෙන්නේ?

:       1       3

ශීලා Tuesday, 02 April 2024 12:48 PM

ජන්දයක් කරපු හරියක්. ඔකුන්ගෙන් ගන්න දෙයක් මේ වෙලවේ තමයි. මතකනෙ 5000 වෙච්ච දේ

:       1       6

රුවනි Tuesday, 02 April 2024 12:55 PM

නිකන් දෙන්න ඕනෙ නෑ ඕකට ගහපු ටැක්ස් එක අයින් කලා නම්. ඵෑණු ගෙඩියෙ ඉදන් ගහන්න පුලුවන් තරම් ටැක්ස් ගහලා ජන්දේ ලං උනාම බොරුවට එනවා පෑඩ් බෙදන්න. ඔබතුමාගේ රට සවාරි වලටයි හෙලිකොප්ටර් සවාරි වලටයි යන වියදමෙන් මුලු රටේම දරුවන්ට කන්න දෙන්න පුලුවන්.

:       0       9

පිටරටවැසියා Tuesday, 02 April 2024 09:06 PM

දැන් කව්රුහරි සනීපාරක්ෂක තුවා දෙන්න කියලා ඉල්ලුවාද? ඉල්ලුවේ ටැක්ස් අඩුකරන්න කියලා නේද? ඡන්දය තව ලංවෙනකොට සනීපාරක්ෂක තුවාය මාරු කරන්නත් එක්කෙනෙක් පාසලට දායි. මේ අය හැමදාම කලේ යන්නේ කොහේද මල්ලේ පොල් වැඩ... ඔයිට වැඩිය හොඳ නැද්ද සනීපාරක්ෂක තුවාවල ටැක්ස් අඩුකරලා, පාසල් පොත් ටිකක් දුප්පත් පාසල් ළමුන්ට නොමිලේ දුන්නා නම්... එච්චර මොළයක් කොහේද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site