(කේ බුද්ධික කුමාරසිරි සහ ඉන්දිකා රාමනායක)
මීගොඩ ගල්වලමුල්ල ප්‍රදේශයේ පදිංචි 12 හැවරිදි පාසල් ශිෂ්‍යාවක් අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් එම දැරියගේ ළඟම ඥාතී වන පිය පුතු දෙපළක් සහ අසල්වැසි තරුණයකු අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.
ඉකුත් 2023 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී මෙම අපයෝජනය සිදුව ඇති බවත් බාලවයස්කාරිය එය සඟවා ගෙන සිට මවට පැවසීමෙන් පසු ඇයගේ මව විසින් අද (16) දින අදාල සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය වෙත පැමිණිලි කර ඇත.
ඒ අනුව වහා ක්‍රියාත්මක වූ පොලිසිය අපයෝජනයට සම්බන්ධ ඇයගේ ළගම ඥාතීන් වන පිය පුතු දෙපළක් සහ අසල්වැසි තරුණයකුද මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මීගොඩ ගල්වලමුල්ල ප්‍රදේශයේම පදිංචිකරුවන් වේ.
සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න හෙළ ජාතික අභිමානේ ! ඔය වගේ නරුමයන්ට ඇපවත් දෙන්න එපා!
හෙළ ජාතික අභිමාන කතා කෙසේවෙතත්, මෙවැනි නරුමයින්ට ඇප වත් නොදී සිටීමේ යෝජනාවට දෑතම ඔසවා එකඟ වෙමි...!
මාස 3 න් ඇප ලැබේවි.. නඩුව වසර 20ක් පමණ අහවි නඩුව අවසාන වෙනකොට වයසක මනුස්සයා ස්වභාවික මරනෙකින් මියපරලොව ගිහින් තිබේවි.., නඩුව අවසානේ කලේ වෙනකොට සාක්කි කාරයින්ට සිදුවීම අමතක වෙලා තිබේවි, ලංකාවේ ඉක්මණට පිළිවෙලට නඩු අහන ක්‍රමයක්, හදන්න බැරිද ?
"හෙළ ජාතික අභිමානේ" හැම මගුලකට ජාතියක් පටලවා ගන්නේ, මෙවැනි පවුකාර වැඩකරන අයට ජාතියක්, ජන්මයක් නැති ඔබ දන්නේ නැද්ද? වේ. පුත්‍රයා තෝ කන්නෙ තණකොළද? එහෙම නැතිනම් අසුචිද?
එල්ලලා මරන්න ඕනෑ. මෙම සිද්ධිය ඇත්ත වගේ... නමුත් මාස 3 කාලීන වුණා කියන සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි තිබෙනවාද? ළමයා කියන්නේ ඇත්තටමද? පළිගන්න මෙහෙම කරපු සිද්ධියක් මතක නිසා කිව්වේ...
මිනිස්සු අමාරුවේ දාන්න අම්මණ්ඩිලා ගොඩක් දුරට තමන්ගේ දරුවන්මේ මාර්ගයෙන් මෙවැනි දේවල් කරනවා. තාත්තායි, පුතයි පොඩි ළමයෙකුට මෙහෙම කරයි කියලා හිතන්න බෑ.