IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


සිසුවියෝ දෙදෙනෙක්ට මරු කැදවූ බදුල්ලේ අනතුර

(ප්‍රසාද් රුක්මල්, පාලිත ආරියවංශ, ප්‍රසන්න පද්මසිරි  සහ නිශාන්ත කුමාර  ) 

බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ අඹගහඔය 5 කනුව ප්‍රදේශයේ දී අද (01)උදෑසන  කොතලාවල ආරක්ශක විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ගමන් ගත් බස්රථයක් මාර්ගයේ න් ඉවතට පැන වේල්ලක ගැටි පෙරලීයාමෙන් සිසුවියන් දෙදෙනකු මියගොස් 39 ක් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි .

තුවාල ලැබූවන් අතර විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරුන් තිදෙනකු , යුදහමුදා නිලධාරීන් දෙදෙනකු සහ සරසවි  සිසුවියන් 15ක් , සහ සරසවි සිසුන් 19 ක් සිටින බවද පොලිසිය කීය .

තුවාලකරුවන් දැනට බදුල්ල ශික්ෂණ රෝහලේ  දැඩි සත්කාර ඒකකයේ , වාට්ටු අංක 9, 10, 15 වාට්ටු වල ප්‍රතිකාර ලබමින් පසුවෙන බවද ඔවුන්ගේ කිහිපදෙනක්ගේ තත්ත්වය බරපතල බවද රෝහල් ආරංචි මාර්ග  සඳහන් කළේය .

කොතලාවල ආරක්ශක විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ  මෙම සිසුන් ඊයේ (31) බදුල්ලට පැමිණ ඇල්ල ප්‍රදේශයේ ගොස් පසුව පස්සර පැල්ගහතැන්න ප්‍රදේශයේ නවාතැන් ගෙන අද (01)උදෑසන පුහුණු වැඩසටහනකට බදුල්ල හරහා රන්දෙණිගල බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පැවසීය.

බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේ පල්ලමේ ධාවනය වෙමින් තිබූ මෙම බස්රථය හදිසියේ ඇති වූ කාර්මික දෝශයක් නිසාවෙන් රියදුරු  බස්රථය වේල්ලකට අල්ලා නවතා ගැනීමට උත්සහ කිරීමේදී වේල්ලෙ ගැටි බස්රථය පෙරලි ඇති බවත් පොලිසිය සඳහන් කළේය .

අනතුර සිදුවීමත් සමඟ ක්ෂණිකව එම ස්ථානයට ගිය බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා රෝහල්  කාර්ය මණ්ඩලය මහත්වෙහෙසක් දරමින් ප්‍රදේශවාසින් සමග එක්වී බස්රථය තුළ සිරවී සිටි තුවාලකරුවන් ඉවතට ගෙන ගිලන් රථවලින් බදුල්ල ශික්ෂණ රෝහලට රෝගින් යැවීමට යුහුසුළුව කටයුතු කලහ.

 

--------------------------------------

(ප්‍රසාද් රුක්මල්, ලුණුගල ප්‍රසන්න පද්මසිරි සහ පාලිත ආරියවංශ ) 

බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ අබගහඔය 5 කණුව ප්‍රදේශයේ දී අද (1) උදෑසන  සිදු වු අනතුරින් සිසුවියන් දෙදෙනකු මියගොස්  40ක් තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.

කොතලාවල ආරක්ෂක  විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් මෙම බස් රථයේ ගමන්ගමන් කර ඇතැයි පොලීසිය කියයි.

මෙම සිසුන් රැගත් බස්රථය  පස්සර පැල්ගහතැන්න ප්‍රදේශයේ සිට රන්දෙණිගල බලා ධාවනය වෙමින් තිබිය දී මෙසේ අනතුරට පත්ව ඇතැයි පොලිසිය සඳහන් කළේය.

මේ වනවිටත් බදුල්ල පොලිසියේ නිලධාරීන් බදුල්ල මහ නගර සභා ගිනිනිවිම් ඒකකයේ නිලධාරීන් එක්වී බස්රථය තුළ සිරවී සිටින තුවාලකරුවන් ඉවතට ගැනීමේ මෙහෙයුම් කටයුතු සිදු කරමින් පවති.

 


බසය  වේලල්ලේ හැපී සරසවි සිසුන් පිරිසක් රෝහලේ      

(නිශාන්ත කුමාර)

විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් අද (01) බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ තුන්වන හා හතරවන කිලෝමීටර් කණු අතර (දුංහිඳ ප්‍රවේශ මාර්ගයට නුදුරින්) පිහිටි   මාර්ගයේ දී වේල්ලක හැපී    අනතුරට ලක්ව පෙරළී ගොස් එහි ගමන් ගත්  සිසුන්  පිරිසක්  තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.

 අනතුරින් සිදුව ඇති හානිය මෙතෙක් ගණන් බලා නොමැති අතර තුවාලකරුවන් මේ වනවිට ගිලන් රථ  මගින් බදුල්ල රෝහල් කරා රැගෙන යමින් සිටී.

 අනතුරට හේතුව  මෙතෙක් අනාවරණය වී නොමැති අතර  තිරිංග ක්‍රියා විරහිත වීම නිසා පල්ලම් සහිත මාර්ගයේ වේගයෙන් පැමිණි බස් රථය මෙලෙස වේල්ලේ හැපෙන්නට ඇතැයි  සැකකරයි.



අදහස් (8)

සිසුවියෝ දෙදෙනෙක්ට මරු කැදවූ බදුල්ලේ අනතුර

සුරෛන් Friday, 01 November 2024 10:08 AM

ප්‍රධානම හේතුව ධාවනයට නුසුදුසු බස්රථ ප්‍රමිතියකින් තොර අලුත් වැඩියාවන් කර ධාවනය කිරිම! කිසිම රජයකින් මේවාට පියවර අරගත්තේ නැහැ...! නව රජය මේ ගැන අවදානය යොමු කරන්න...!

:       1       57

Ruwan Friday, 01 November 2024 10:23 AM

බුදු සරණයි දෙවිපිහිටයි...!!!

:       5       35

de silva Friday, 01 November 2024 12:56 PM

ආරක්ෂක හමුදා වලට අදාල පිරිස් ගමන්කරන වාහන පාරේ යනකොට බොහෝවිට මාර්ග නීති පිළිබඳ කිසිම තැකීමක් නොකර අධික වේගයෙන් ගමන් කරන බව පෙනෙනවා. මේවා නවත්වන්න පොලිසියත් කිසිම උත්සාහයක් ගන්නා බවක් පෙනෙන්නට නැහැ. ජීවිත දෙකක් නැතිවෙලා, තව කී දෙනෙක් සදාකාලික අබ්බගාතයින් වෙලාද දන්නේ නැහැ...

:       12       67

Buddhika Friday, 01 November 2024 04:02 PM

සිල්වා මහතා හෝ මහත්මිය දක්වා තියෙන අදහස ඉතාමත් නිවැරැදියි. දුර බැහැර හා පල්ලම් සහිත මාර්ගවල ධාවනය සඳහා පිටත්වීමට පෙර වාහන සම්පූර්ණයෙන්ම සේවා කරගෙන යනවා නම් ඔහොම වෙන්නේ ඊළඟට ඔහොම ප්‍රදේශවල බස් රථ ධාවනය කරන රියදුරු හා කොන්දොස්තර මහත්වරු වාහනය පාලනය කරගන්න දන්නවා. මට සිදුවූ ඔවැනිම අත්දැකීමක් නිසා කියන්නේ එම තිරිංග සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත බසය සීඝ්‍ර පල්ලමකදී පාලනය කලේ කොන්දොස්තර මහතා තමයි... කොහොම වුණත් ඔය බසය ආරක්ෂක විශ්ව විද්‍යාලයේ බසයක් වෙන්න පුළුවන්...!

:       0       15

රම්බොඩ Friday, 01 November 2024 01:50 PM

අහෝ රටට වටිනාම දරුවන් පිරිසක්. හරිම දුකයි...

:       3       38

පිටරැටියා Friday, 01 November 2024 03:22 PM

ලන්කාවේ නිතරම වගේ රිය අනතුරු සිදුවෙනවා. මේවාට විසඳුමක් නැද්ද? මියගිය අයට නිවන්සුව ලැබේවා, තුවාල ලැබූ අයට ඉක්මන් සුවය ලැබේවා...!

:       0       29

J.Dhayalan Friday, 01 November 2024 06:19 PM

මෙම මාර්ගය ඉතා අනතුරුදායක මාර්ගයකි. මෙම වසර තුළ පමණක් රිය අනතුරු අවම 10 ක් පමණ සිදු වී ඇත. එමනිසා මාර්ගයේ අනතුරු වැළැක්වීමට මොනයම් හෝ ක්‍රියාමාර්ගයක් අනිවාර්යයෙන්ම ගත යුතුව ඇත. නිසිමාර්ග සංඥා පුවරු, රථවාහන පොලිස් කුටියක් අනිවාර්යයෙන්ම ඉදිකළ යුතුයි.

:       0       9

නිශාන්ත වනසිංහ Friday, 01 November 2024 07:23 PM

ඒක නම් ඇත්ත. ඒ දරුවන්ගේ දෙමාපියන්ට මොනතරම් දුකක් ඇතිද? ඒ දරුවන් ගැන...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පොඩි ලැසීගේ නැන්දනියගේ සේප්පුවෙන් රන් කිලෝ එකක්
2025 මැයි මස 01 2359 2

ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය


උපදේශන සමාගමක එම්.ජී. ගිනි අවි සමග මාට්ටු
2025 මැයි මස 01 609 0

උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට


පොහොට්ටු මන්ත්‍රි කසිප්පු සමග මාට්ටු
2025 මැයි මස 01 823 2

ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි


ගිය මැයි රැළියේදී අනුර කියූ අනාවැකිය හරි යයි
2025 මැයි මස 01 1159 0

2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 677 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා


සරසවි සිසුවාගේ මරණය ගැන සොයන්න කමිටුවක්
2025 මැයි මස 01 428 0

සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 373 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 97 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1125 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site