(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම් )
සිසුන් දෙදෙනෙකු අතර පාසලේදී ඇතිවූ කතාබහකින් පසු එක් සිසුවෙකුට අනෙක් සිසුවා තවත් පිරිසක් සමග මග රැකසිට හෙල්මට් සහ අතින් පයින් පහරදීම සම්බන්දයෙන් තරුණයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත්බව පින්වත්ත පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පින්වත්ත ,මීගහකෝවිල පාර සහ ඒ අවට පදිංචි තරුණයන් පිරිසක් බවත්, අත්අඩංගුවට පත්වූවන් අතර ආරවුලට මුල්වූ පාසල් සිසුවාද වන බව පොලිසිය කීය.
සැකකරුවන් ඉකුත් 21 දා පස්වරුවේ, පාසල නිමවා නිවස කරා යමින් සිටී සිසුවාට පහරදී දින දහයක් පමණ පොලිසිය මගහැර සිටියදී අත්අඩංගුවට ගෙන පහරදීමට යොදාගත් හෙල්මට් එකද පොලිස් භාරයට ගගත්බවද පොලිසිය පවසයි .
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
179
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිසුවාට හෙල්මටයෙන් පහරදුන් 5ක් අල්ලයි
Bunny Preena Monday, 02 October 2023 10:49 AM
හෙල්මෙට් එකකින් පහර දෙනවා කියන්නෙ පහර කෑ පුද්ගලයට මාරාන්තික තුවාල හෝ සමහර විට මරනයට පවා පත් වෙන්ට පුලුවන්. පාසල තුල විසදා ගත හැකි සුලු සුලු ප්‍රශ්න වලට බුද්ධිමත්ව කටයුතු කරන්ට දෙන්නෙ නැති මෝඩ ප්‍රචන්ඩකාරි වැඩිහිටියන් මැදිහත් වීමෙන් සිදුවෙන්නෙ ප්‍රශ්නය දුර දිග යාමක් මිස විසදීමක් නොවෙයි.