(දයාරත්න ඇඹෝගම)
පරසන්ගසවැව ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලබන 15 හැවිරිදි සිසුවෙකුට මුඛයෙන් ලේ ගලන තුරුම පහර දුන්නේ යැයි කියන සිද්ධියකට එම පාසලේම සිසුන් අට දෙනෙකු අත්අඩංගුවට ගත්බව පරසන්ගස්වැව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මැදගම,අඹගස්වැව හා පරසන්ගස්වැව ප්‍රදේශයේ පදිංචි 10 ශ්‍රේණියේ ඉගෙණුම ලබන 15 හැවිරිදි වියේ පසුවන සිසුන් අට දෙනෙකි.
පහර කෑමට ලක්ව ඇත්තේ එම පාසලේම 10 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සියබලාගස්වැව,පරසන්ගස්වැව යන ලිපිනයේ පදිංචි 15 හැවිරිදි සිසුවෙකි.
පහර කෑමට ලක්වු සිසුවාගේ දෙමාපියන් විසින් පොලිසියට සිදුකළ පැමිණිල්ලක් මත සැකකාර සිසුන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පාසලේදි ඇතිවු බහින් බස් වමක් මුල්කර ගනිමින් පසුගිය 21 වන දින පාසල් තුලම මෙම සිසුවාට සැකකාර සිසුන් 08 දෙනා වසින් පහරදි ඇතැයි පොලසිය කියයි.
සිද්ධියෙන් තුවාල ලැබු සිසුවා ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එච්චර දෙයක් වෙද්දී විදුහල්පතිත් ගහන්න එකතුවෙලා හිටියාද බලන්න කෝ ඒ පාසලේ විනයක්...?
මොවුන් ළමයිද?
පාසල් සිසුන්ගේ සිට විශ්ව විද්‍යාලය සිසුන් දක්වාම අතිශය ලෙස විනය පිරිහිලා. මොවුන් අනාගතේ රට බාරගන්න ඉන්න පුරවැසියන්. ඉහළ සිටම පහළට විනය පිරිහීගෙන ගියාම රටට යන කල මොකද්ද? කණගාටුයි.
මොවුන් තමයි සංවිධානාත්මක අපරාධකාරයෝ වෙන අය. 8ක් එකතුවෙලා එක ළමයෙකුට ගහන්න..
ලොකුම වරද තමයි, රටේ නීතිය කඩකර ප්‍රචණ්ඩව හැසිරීම වැරැදි බව කියලා දෙන්න කවුරුත් උනන්දු වෙන්නේ නැතිකම. හරි නම් යම් ප්‍රසිද්ධ වැඩ පිළිවෙලකින් මේ පිළිබඳව නව යොවුන් වියේ ළමුන්ව දැනුවත් කළ යුතුයි. ළමුන්ගේ වයස අවුරුදු 11, 12 කිට්ටුවට එනකොට ඔවුන් තුළ ඇතිවන හෝමෝන වෙනස්කම් නිසා සමහර ළමයින්ට නිකම් වියරු පිස්සු වගේ තත්වයන් එනවා. ඒ වගේ දේවල් ගැන රටේ පොදුවේ අවධානයක් තිබිය යුතුයි. මම හිතනවා පොලිසියවත් මේ ගැන හිතලා යම් වැඩ පිළිවෙලක් ආරම්භ කළොත් හොඳයි කියලා. මොකද අපි කොච්චර පොලිසිය විවේචනය කළත් මේ වගේ වැඩසටහන් කරන්න පුළුවන් කාරුණික පළපුරුදු හොඳ උගත් නිලධාරින් නිලධාරිනියන් ඕනිතරම් ලංකාවේ ඉන්නවා. අනික මේ ළමයි දන්නේ නැහැනේ තමාගේ චරියාව ගැන ඉදිරියේදී රටේ ඕනෑම තැනක පොලිසියකින් පොලිස් වාර්තාවක් ගන්න ගියහම මේ වැරැදි සටහන් සියල්ල අඩංගු වෙන බව හා රැකියාවක් ලබාගන්න විශාල බාධාවක් වෙන බවවත්...!
තුන්වෙනි ඉනිම නාට්‍යෙය් කොටසක් රඟපෑවා වෙන්න බැරද? හරිම ආදර්ශමත් ටෙලි පඩංගුනේ දැන් විකාශය වෙන්නේ...