(රංජන් කස්තුරි)

දුම්රියේ වහලක ගමන්කරමින් සිටි සිසුවකු ඉන් වැටී මිය යාමේ සිද්ධියට වැඩවර්ජනය කළ දුම්රිය රියදුරන් 84 දෙනාම වගකිව යුතු යැයි ජනමාධ්‍ය හා  ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

වැඩවර්ජනය කළ දුම්රිය රියදුරන් එම තරුණයාගේ මරණයට වගකිවයුතු බව ද එය මිනීමරුමක් බව ද ඇමැතිවරයා කීය. 

සාකච්ඡාවක්  ලබාදී තිබියදීත් හිතුවක්කාර,නීති විරෝධී වර්ජනයක් කිරීම නිසා මෙම මරණය සිදු වූ බව බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.